Ant-Man චිත්‍රපටයේ Ant-Women වූ නිළිය
හොලිවුඩ් සිනමාව තුළ මේවනවිට එළිදැක්වීමට ඇති චිත්‍රපට අතරින් විශේෂ චිත්‍රපට බොහෝ ප්‍රමාණයක් තිබේ. පසුගිය කාලයේ පුරාවට විදෙස් මාධ්‍ය ඔස්සේ කතාබහට ලක්වූ චිත්‍රපට කිහිපයක් මේවනවිට ප්‍රේක්ෂක අවධානයට යොමුව තිබේ. මෙම වසරේ එළිදැක්වීමට ඇති චිත්‍රපට අතරින් මෙම චිත්‍රපට විශේෂ වන්නේ ඇතැම් නිර්මාණයන් වල දෙවැනි හෝ තෙවැනි චිත්‍රපටය ලෙසනි එළිදැක්වීමට නියමිතව ඇති අතර, ඇතැම් නිර්මාණයන් වල දායක වන නිළියන් බොහෝ විට නවකයන් යොදා ගැනීමත් සමගිනි. මේ කාරණාව ඔස්සේ චිත්‍රපට විචාරකයන් මෙන්ම මෙම සිනමා නිර්මාණයන් සඳහා ඇලුම් කරනු ලබන රසිකයන්ද මෙම චිත්‍රපට සඳහා විශේෂ අවධානයක් යොමු කර තිබේ. ඇතැම් චිත්‍රපටයන් වල ප්‍රධාන චරිතය සඳහා රංගනයෙන් දායක වන්නේද නවක නිළියන් වීමද විශේෂත්වයකි.
2015 වසරේ තිරගත වෙමින් මූලමය වාර්තා අතරට පැමිණි චිත්‍රපටයක් වන Ant-Man චිත්‍රපටයේ දෙවැන්න මෙම වසරේ ජූලිමාසයේ එළිදැක්වීමට නියමිතව තිබේ. වසර තුනකට පසුව නිර්මාණය වන මෙම දෙවැනි චිත්‍රපටයට තුළ වෙනස්කමක් සිදුවී ඇති බව වාර්තා වෙයි. ඒ පළමු චිත්‍රපටයේ Ant-Man ඔස්සේ මූලික වූ නිර්මාණය දිගහැරුණු අතර, මෙම දෙවැන්නේ Ant-Women කෙනෙක් දක්නට ඇති බව සඳහන් වෙයි. මෙම චිත්‍රපටයේ එම චරිතයට පණ පොවනු ලබන්නේ නවක නිළියක් ලෙස හඳුන්වන Hannah John-Kamen විසිනි. ඇය සිනමාවට පිවිස ඇත්තේ මීට අවුරුදු කිහිපයකට පෙරය. ඒ 2015 වසරේදීය. රූපවාහිනි තිරයේ ඇයව මුණ ගැස්සේ 2011 වසරේදී විකාශනය වූ Misfits නම් කතාමාලාව හේතුවෙනි. ඉන්පසු ඇය එම වසරේදීම විකාශනය වූ Black Mirror කතාමාලාවට රංගනයෙන් දායක වන ලදී. 2011 වසරේදී ඇය හඬ කැවීමේ ශිල්පිනියක් ලෙසද කටයුතු කරන ලදී. ඒ Dark Souls නම් පරිඝණක ක්‍රීඩාවක් සඳහාය. එහි දෙවැන්න 2014 දී නිර්මාණය කරනු ලැබූ අතර, ඒ සඳහාද ඇය තම හඬදායකත්වය ලබා දී තිබේ. 2012 වසරේදී ඇය වේදිකාව ඔස්සේද කතාබහට ලක්වූ චරිතයක් විය. ඒ වේදිකා නිර්මාණයක් වූ Viva Forever නම් වේදිකා නාට්‍ය සඳහා ඇය රංගනයෙන් දායක විය.
2012 වසරේදී රූපවාහිනි කතාමාලවන් 4ක් ඔස්සේ ඇයව නිරත්නරයෙන් රූපවාහිනි තිරය ඔස්සේ දැක ගැනීමට අවස්ථාව උදාවිය. ඒ Whitechapel, The Syndicate, The Midnight Beast, The Hour නම් රූපවාහිනි කතාමාලාවන් වෙයි. 2014 වසරේදී විකාශය වූ Death in Paradise නම් රූපවාහිනි කතාමාලාව ඔස්සේ ඇය විශාල ජනප්‍රියත්වයක් උසුලන ලදී. ඉන්පසු ඇයව Happy Valley නම් නිර්මාණ ඔස්සේ දැක බලාගැනීමට හැකියාව ලැබිණි. 2015 දී විකාශන වූ කතාමාලාවන් වන Cucumber, The Ark, Bananana වැනි රූපවාහිනි කතාමාලාවන් ඔස්සේ ඇය පුංචි තිරය කැපී පෙනෙන චරිතයක් විය. ඊට අමතරව ඇය එම වසරේ දායක වූ සහ මේවනවිටත් විකාශන වන Killjoys නම් රූපවාහිනි කතාමාලාවට ඇය රංගනයෙන් දායක විය. 2015 වසරේදී ඇය සිනමාවට පිවිසෙන ලදී. ඒ Star Wars: The Force Awakens නම් චිත්‍රපටය ඔස්සේය.
ඉන්පසු ඇය නැවත 2016 වසරේදී Game of Thrones රූපවාහිනි කතාමාලාව ඔස්සේ විශාල ජනප්‍රියත්වයක් ලබන ලදී. 2016 ඇය තවත් කතාමාලාවන් දෙකක් සඳහා රංගනයෙන් දායක වී රූපවාහිනියට තාවකාලිකව සමුදුන්නාය. 2018 වසරේදී ඇය සිනමා නිර්මාණයන් තුනක් ඔස්සේ දැක ගැනීමට හැකියව තිබේ. ඒ පසුගියදා තිරගත වීමට ආරම්භ වූ Tomb Raider චිත්‍රපටය ඔස්සේය. ඊට අමතරව ඉදිරියේදී තිරගත වීමට ඇති Radey Player One චිත්‍රපටය සහ Ant-Man and the Wasp චිත්‍රපටය ඔස්සේ ඇගේ රංගන හැකියාවන් දැක බලා ගැනීමට අවස්ථාව උදා වී තිබේ. මේවනවිට 28 වැනි වියේ පසුවන ඇය රංගනය පිළිබඳව හදාරා තිබේ ඒ Royal Central School of Speech & Drama හිදීය. වෘත්තීමය රංගන ශිල්පිනියක් ලෙස කටයුතු කරනු ලබන ඇය ඉදිරි සිනමා නිර්මාණ කිහිපයකදීම දැක ගැනීමට අවස්ථාව උදා වන බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.