Planet of the Ape අලුත් චිත්‍රපටයක් නිර්මාණය කෙරේ
2017 වසරේ නිකුත් කළ War for the Planet of the Apes චිත්‍රපටය ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක ආසන්න ආදායමක් උපයාගන්නට සමත් විය. ඉන් පසුව කිසිදු Planet of the Apes චිත්‍රපටයක් නිකුත් නොකළ අතර අලුත්ම වාර්තා සඳහන් කරන්නේ 2024 වසරේදී Planet of the Apes අලුත් චිත්‍රපටයක් නිකුත් කරන්නට සූදානම් කර ඇති බවය.
එය Kingdom of the Planet of the Apes ලෙස නම් කර ඇති අතර, එහි රූපගත කිරිම් කටයුතු ලබන වසරේ පෙබරවාරියේදි ආරම්භ කරන්නට සූදානම් කර ඇත. 2017 වසරේ තිරගත වූ War for the Planet of the Apes චිත්‍රපටයේ සිසර්ගේ මියයාමත් සමග බොහෝ දෙනෙකු Planet of the Apes චිත්‍රපට මාලාවේ අවසානය බලාපොරොත්තු වු නමුදු අලුත් චිත්‍රපටයේ වෙනස්ම කතාවක් යටතේ නිර්මාණය කරන්නට චිත්‍රපට නිෂ්පාදකවරුන් සැළසුම් කර තිබෙන බව සඳහන් වෙයි.