Netflixවලින් ලංකාවටම Red Notice
Dwayne Johnson, Ryan Reynolds සහ Gal Gadot ප්රධාන චරිත නිරූපණය කරනු ලබන Red Notice-2021 චිත්රපටය නෙට්ෆිලික්ස් හරහා ලංකාවට නැරඹිය හැකි ලෙස පසුගියදා නිකුත් වී තිබුණා.
ඊජිප්තු රැජනක් වූ ක්ලියෝපැට්රාට මාර්ක් ඇන්තනී විසින් තෑගි දුන් මැණික් බිත්තර තුනක් වටා ගෙතෙන මෙම සිනමා පටයේ කතාන්දරය තුළ FBI එක වගේම නිදන් හොරුත් සිටින බවයි පැවැසෙන්නේ. ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක මුදලක් වැය කරමින් නිපදවූ මෙම චිත්රපටය Rawson Marshall Thurber විසින් අධ්යක්ෂණය කර ඇත.
මෙහි රංගනයෙන් දායක වන නළු නිළියන් නිසා සහ ක්රියාදාම චිත්රපටයක් වන නිසාම ප්රේක්ෂක ආකර්ෂණය දිනාගැනීමට සමත් වනු ඇති බව විචාරකයන්ගේ අදහසයි.