Kamal Haasanගේ Vikram චිත්‍රපටයේ රූපගත කිරීම් ඇරඹිමට සූදානමක්..?



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

Kamal Haasanගේ මීළඟ චිත්‍රපටය Vikram, මේ වනවිටත් සමාජ මාධ්‍ය තුළ ප්‍රසිද්ධම මාතෘකාවක් වී අවසානයි. පසුගිය දිනෙක තිරගත වුණු තලපති විජේගේ Master චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ Lokesh Kanagaraj විසින්ම මෙම සිනමාපටයත් අධ්‍යක්ෂණය කිරීමට නියමිතයි. පසුගියදා Kamal Haasanගේ 66වන උපන් දිනයේදී මෙහි Title Announcement  පෝස්ටරය නිකුත් කිරීමේ සිට මේ දක්වා චිත්‍රපටය ගැන බොහෝ තොරතුරු යාවත්කාලීන වී අවසන්.

Vikram චිත්‍රපටයේ Title Teaser වීඩියෝවෙන් ඉඟි කරන ආකාරයට මෙය සම්පූර්ණයෙන්ම ක්‍රියාදාම චිත්‍රපටයක්. පාතාලය සහ දේශපාලනය ගැනත් යාවෙන කතාවක් වීමට බොහෝ ඉඩකඩ තිබෙන බව දැනට තොරතුරු වාර්තා වනවා. විශේෂයෙන් අධ්‍යක්ෂක Lokesh Kanagaraj ළමා කාලයේ සිටම Kamal Haasanගේ Fan Boy  කෙනෙකු නිසා, චිත්‍රපටයේ සෑම සුලු කාරණයක් ගැන පවා හොඳින් සොයා බලමින් Perfect නිර්මාණයක් නිපදවන්න හැකි සෑම උත්සාහයක්ම ගනු ඇති බවත් ඉන්දීය සිනමා වෙබ් අඩවි සඳහන් කරනවා. චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ කමල්ටම අයිති Raaj Kamal Production House නිෂ්පාදන ආයතනය හරහායි.

මුල සිට මේ දක්වාම සමාජ මාධ්‍ය ඇතුළේ ලොකු කතාබහක් මවන්න Vikram සිනමාපටයට හැකි වීමට ප්‍රධානම හේතුව චිත්‍රපටයට සම්බන්ධ වන දැවැන්ත නලු නිළි පිරිස සහ නිෂ්පාදන කණ්ඩායමයි. විවිධ ප්‍රාන්තවල බොහෝ සෙයින් දක්ෂ සිනමාකරුවන් පිරිසක්ම Vikram වෙනුවෙන් එකට එකතු වෙනවා. මලයාලම් සිනමාවේ තරුණ පරපුරේ දක්ෂතම චරිතාංග නලුවා ලෙසින් හැඳින්වෙන Fahadh Fasilගේ ආගමනය මේ අතරින් සුවිශේෂියි. මලයාලම් සිනමාව තුළ Iconic සලකුණක් තහවුරු කරමින් සිටින Fahadh Fasil හෙවත් FaFa කමල් හසන්ගේ Vikram චිත්‍රපටයට එක් වන්නේ කුමන චරිතය වෙනුවෙන්දැ යි තවමත් තහවුරු වී නැහැ. නමුත් බොහෝ දෙනා පවසන පරිදි ඔහු විසින් ප්‍රතිවීර චරිතය නිරූපණය කිරීමට වැඩි අවස්ථාවක් තිබෙනවා.

මීට අමතරව Allu Arjunගේ නවතම Pushpa තෙළෙඟු සිනමාපටයේ ප්‍රතිවිර චරිතය නිරූපණය කරන්නේත් FaFa විසිනුයි. Velaikkaran හා Super Deluxට පසු මේ ඔහු සම්බන්ධ වන තුන්වන දමිළ සිනමා නිර්මාණයයි. ජනප්‍රිය දමිළ නළු Prabhu Devaද  සිනමාපටයට එක් වන බවට ඇතැම් ගොසිප් වෙබ් අඩවි වාර්තා කළත් තවමත් එය තහවුරු වී නැහැ. නමුත් එම ආරංචිය සත්‍ය නම්, ප්‍රභූ සහ කමල් වසර 23කට පසුව එකම සිනමාපටයක රඟපාන අවස්ථාව මෙය වනවා. දැනට තහවුරු වී ඇති රංගන ශිල්පීන් අතරේ Vijay Sethupathiගේ නමත් දැකගත හැකියි. ඔහුගේ චරිතය කුමක්දැයි මාධ්‍යයට වාර්තා වී නැති නමුත් සිනමාපටයේ වැදගත් චරිතයක් විය යුතු බව මාධ්‍ය වාර්තා වලින් කියැවෙනවා. Kamal Haasan පෞද්ගලිකවම Vijay Sethupathiගේ රංගනයට කැමැත්තක් දක්වන නිසා බොහෝ විට මෙම ආරංචිය සත්‍යයක් වනු ඇති බවයි පැවසෙන්නේ.

අධ්‍යක්ෂක Lokesh විසින් මලයාලම් නළු Antony Verghese සමඟද යම් චරිතයකට සාකච්ඡා පැවැත්වූ බවට ආරංචි තිබෙනවා. Antonyගේ පළමු චිත්‍රපටය වූ Angamaly Diaries තුළින්ම ඔහුට අනන්‍ය වූ ප්‍රේක්ෂක පිරිසක්  බිහි වූ බව දක්නට තිබුනා. අධ්‍යක්ෂකවරයාගේ පෙර චිත්‍රපටය වූ Master (2021) හි ප්‍රධාන චරිතයකටත් Antony නිර්දේශ වී තිබුණත් අවසන් මොහොතේ එම අවස්ථාව ලැබුණේ රංගන ශිල්පී Arjun Dasටයි. Arjun Das පවා නැවතත් මෙම සිනමාපටයටත් Lokesh සමඟින් එකතු වනවා. Vikram දමිළ සිනමාපටයට එක්වන කැමරා සහ තාක්ෂණික ශිල්පීන් පවා තෝරා ගැනීමේදී බොහෝ සෙයින් සැළකිලිමත් වීමට නිෂ්පාදකවරු තීරණය කොට තිබෙන බව පැවසෙනවා. මූලික වශයෙන් Lokesh සමඟින් Master චිත්‍රපටයට එකතු වුණු තාක්ෂණික ශිල්පීන් පිරිසම Vikram චිත්‍රපටයටත් සම්බන්ධ වනු ඇතැයි සඳහන්. චිත්‍රපටය සංස්කරණය කරන්නේ Philomin Raj. ලොකේෂ්ගේ මුල් සිනමාපට තුනටම සංස්කරණ ශිල්පියා වශයෙන් එක් වුණේ මොහුමයි. KGF චිත්‍රපට ද්විත්වයේම සටන් අධ්‍යක්ෂකරුන් ලෙස කටයුතු කළ Anbu & Ariv දෙදෙනා මේ සිනමාපටයේත් Stunt අධ්‍යක්ෂවරුන් ලෙස කටයුතු කරනු ඇති.  සුපුරුදු පරිදි Anirudh විසින් සංගීත අධ්‍යක්ෂණය සිදු කරද්දි Cinematographer ලෙසින් එකතු වෙන්නේ විශේෂ පුද්ගලයෙක්. ඔහුගේ නම Girish Gangadharan. පසුගිය වසරේ ඉන්දීය National Awards සම්මාන උළෙලේදී Jallikattu සිනමාපටය වෙනුවෙන් සම්මානය දිනාගන්නේත් Girish.

Lokesh විසින් මීට පෙර අධ්‍යක්ෂණය කළ Master සහ Kaithi ආදී නිර්මාණ ලැබූ දැවැන්ත සාර්ථකත්වය නිසාත්, Vishwaroopam 2 චිත්‍රපටයෙන් වසර 03කට ගෙවී ගියත් Kamal Haasanගේ වෙනත් කිසිම සිනමාපටයක් තිරගත නොවීම නිසාත්, මෙම Vikram චිත්‍රපටය තිරගත වෙනතෙක් බොහෝ සිනමා රසිකයන් පිරිසක් මඟ බලා සිටිනවා. ඉන්දියාව් COVID-19 වසංගත තත්වය පාලනය වුණු වහාම මෙහි නිෂ්පාදන කටයුතු යළි ආරම්භ කරනු ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරනවා. සියල්ලම යහපත් අයුරින් සිදු වුණහොත් ලබන වසරේදී Vikram නරඹන්නට ප්‍රේක්ෂකයින්ට අවස්ථාව උදා විය හැකියි.