91 වැනි OSCAR සම්මාන උළෙල නිමවෙයි
හොලිවුඩ් පුරවරයේ අති දැවැන්තම සිනමා සම්මාන උළෙල වන OSCAR සම්මාන උළෙල මීට සුළු මොහොතකට පෙර නිමා වුනා. ඇමරිකානු වේලාවෙන් පෙබරවාරි 24 වැනි ඉරිදා සන්ධ්‍යාවේ California ප්‍රාන්තයේ Los Angeles නුවර හොලිවුඩ් සිනමා නගරයේ Dolby Theatreහිදී මෙම සම්මාන උළෙල පැවැත්වුනා. පසුගිය වසරේ එනම් 2018 වසරේ තිරගත වුනු සිනමාපට අතුරින් විශිෂ්ට සිනමා කෘති සඳහා සම්මාන ප්‍රධානය කිරීම මෙම උළෙලේදී සිදු කෙරුනා. Academy of motion picture arts and sciences (AMPAS) මගින් මෙවර පැවැත්වුවේ 91 වැනි OSCAR සම්මාන උළෙලයි.
OSCAR ජයග්‍රාහකයින්
හොඳම චිත්‍රපටය (Best Picture) - Green Book
වසරේ විශිෂ්ටම නළුවා - Bohemian Rhapsody චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපෑ Rami Malek ස
වසරේ විශිෂ්ටතම නිළිය (Best actress in a leading role) - The Favourite චිත්‍රපටයේ රඟපෑ Olivia Colman
වසරේ හොඳම අධ්‍යක්ෂවරයා - Roma චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ Alfonso Cuaron
හොඳම ස්වතන්ත්‍ර තිර පිටපත උදෙසා Green Book චිත්‍රපටය වෙනුවෙන් Nick Vallelonga, Brian Currie, Peter Farrelly
හොඳම අනුවර්තිත තිර පිටපත ලෙස BlacKkKlansman චිත්‍රපටය වෙනුවෙන් Spike Lee, Saen McKittrick, Jason Blum, RAymond Mansfield, Jordan Peele
හොඳම වාර්තාමය වෘතාන්ත චිත්‍රපටය – Free Solo – Jimmy Chin and Elizabeth Chai Vasarhelyi
වේශ නිරුපණය සහ කොණ්ඩා නිර්මාණය – Greg Cannom, Kate Biscoe, Patricia Dehaney – Vice චිත්‍රපටය
හොඳම ඇඳුම් නිර්මාණය – Black Panther චිත්‍රපටය වෙනුවෙන් Ruth E. Carter
හොඳම නිෂ්පාදන සැලසුම් – Black Panther චිත්‍රපටයේ Hannah Beachler and Jay Hart
හොඳම කැමරා අධ්‍යක්ෂණය – Roma චිත්‍රපටය වෙනුවෙන් Alfonso Cuaron
හොඳම ශබ්ද සංස්කරණය – Bohemian Rhapsody චිත්‍රපය වෙනුවෙන් John Warhurst
හොඳම ශබ්ද සංකලනය – Bohemian Rhapsody චිත්‍රපටයේ Paul Massey, Tim Cavagin, John Casali
හොඳම විදෙස් භාෂිත චිත්‍රපටය – Roma
හොඳම සංස්කරණය – John Ottman – Bohemian Rhapsody
හොඳම සහය නළුවා – Mahershala – Green Book
හොඳම සහය නිළිය – Regina King – If Baele Street Could Talk
හොඳම ත්‍රිමාණ සජීවීකරණ වෘතාන්ත චිත්‍රපටය – Spider Man : Into the spider-verse
ත්‍රිමාණ සජීවිකරණ කෙටි චිත්‍රපටය – Bao by Domee Shi
වාර්තාමය කෙටි චිත්‍රපටය – Period. End of sentence
හොඳම දෘශ්‍ය ප්‍රයෝග – Paul Lambert, Ian Hunter, Tristan Myles, J.D.Schwalm – First Man
සජීවී ක්‍රියාදාම කෙටි චිත්‍රපටය – Skin
හොඳම ස්වතන්ත්‍ර සංගීතය – Black Panther චිත්‍රපටයේ Ludwig Goransson
හොඳම ස්වතන්ත්‍ර ගීතය – Lady Gaga, Mark Ronson, Anthony Rossomando, Andrew Wyatt – “Shallow” – A star is born