91 වැනි උපන්දිනය සැමරු ලතාට දුන් තැග්ග...
භාරතයේ ගීත කෝකීලාව ලෙස අන්වර්ථ නාමයෙන් හඳුන්වන ලත මංගේෂ්කාර්ට මීට දින කිහිපයකට පෙර සිය 91 වැනි උපන්දිනය සමරන්නට විය. ඒ වෙනුවෙන් ඉන්දීය රජය උත්සව කිහිපයක් සංවිධානය කළ අතර, එහිදි ‘ගාන් සමරඩිනි ලතා මංගේෂ්කාර්’ නමින් ඉතා වටිනා සම්මානයක්ද ඇයට එහිදි පිරි නමනු ලැබීය.
ඉන්දීය ප්‍රාන්ත රජයේ අමාත්‍යවරයෙකු ප්‍රකාශයට පත් කළේ ලතාගේ නමින් මුම්බායි නගරයේ ලෝක මට්ටමින් සංගීත විද්‍යාලයක් ආරම්භ කරන බවය. මෙය ඉන්දියාවේ බිහිවන පළමු ලෝක මට්ටමේ සංගීත විද්‍යාලය බව පවසන එම අමාත්‍යවරයා ලතාගේ උපන්දිනය වෙනුවෙන් එය පිරිනමන්නටද කටයුතු කරන බව පැවසීය.