90 වැනි ඔස්කාර් සම්මාන උළෙල
ඓතිහාසික ඔස්කාර් සම්මාන උළෙලේ 90 වැනි අදියර (මාර්තු 04) ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර ඩොල්බි රඟහලේදී නිමාවට පත්විණ. අදියර 24ක් යටතේ සම්මාන ප්‍රදානය කෙරුණු මෙහි මෙවරත් ඉදිරිපත් කරන්නා බවට පත්වූයේ හාස්‍ය නළු ජිමි කිමෙල්ය. ඒ අනුව ඔහු 1997 සහ 1998 වසරේදී බිලී ක්‍රිස්ටල් මෙම හපන්කම කළ පසු මෙවැන්නක් කළ පළමුවැන්නා ලෙස වාර්තා අතරට එක්වේ.
ඒ අනුව වැඩිම සම්මාන ගණනකට (සම්මාන 13කට) නිර්දේශ වෙමින් %The Shape of Water^ චිත්‍රපටය මෙවර හොඳම චිත්‍රපටයට හිමි සම්මානය දිනාගත් අතර, ඒ සිනමා උළෙලට පෙරසිටම කතාබහට ලක්වෙමිනි. (කෙසේවෙතත් %Dunkirk^ චිත්‍රපටය සම්මාන අටකට සහ %Three Billboards Outside Ebbing^, %Missouri^ චිත්‍රපට සම්මාන හතකට නිර්දේශ විණ)
එබැවින් මෙවර හොඳම චිත්‍රපට අධ්‍යක්ෂවරයාට හිමි සම්මානයද %The Shape of Water^ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ ගුලෙයිර්මෝ ඩෙල් ටෝරෝ දිනාගත් අතර, ඒ ක්‍රිස්ටෝපර් නෝලන් (Dunkirk), ජෝර්ඩන් පීලේ (Get Out), ග්‍රීටා ජර්විග් (Lady Bird) සහ පෝල් තෝමස් ඇන්ඩර්සන් (Phantom Thread) අභිභවා යමිනි.
හිටපු බ්‍රිතාන්‍ය අගමැති වින්ස්ටන් චර්චිල්ගේ චරිතය නිරූපණය කළ ගැරී ඕල්ඩ්මෑන් %Darkest Hours^ චිත්‍රපටය වෙනුවෙන් මෙවර හොඳම නළුවාට හිමි සම්මානය දිනාගත් අතර, ඒ ප්‍රබල නළු ඩැනියෙල් ඩේ ලුවිස් (Phantom Thread), ඩෙන්සෙල් වොෂින්ටන් (Roman J. Israel, Esq) පවා අභිභවා යමිනි.
එසේම මෙවර හොඳම නිළියට හිමි සම්මානය දිනා ගත්තේ ෆ්‍රැන්සෙස් මැක්ඩොමන්ඩ්ය. ඒ මිල්ඩ්‍රෙඩ් හේස් ලෙසින් %Three Billboards Outside Ebbing, Missouri^ චිත්‍රපටයේ පෑ රූපණය වෙනුවෙනි. එහෙත් මීට දෙවරක්ම ඔස්කාර් සම්මානලාභී නිළි මෙරිල් ස්ට්‍රීප් (The Post), සැලී හෝව්කින්ස් (The Shape of Water) පවා නිර්දේශ වී තිබියදීම ෆ්‍රැන්සෙස්ට මෙම සම්මානය හිමිවීම කැපී පෙනේ.
කෙසේ වෙතත් %The Shape of Water^ චිත්‍රපටයේ ඔක්ටවියා ස්පෙන්සර් පවා අභිභවා යමින් ඇලිසන් ජැනේ හොඳම සහාය නිළියට හිමි සම්මානය %I, Tonya^ චිත්‍රපටය වෙනුවෙන් දිනාගත් මෙම සම්මාන උළෙලේදී හොඳම සහාය නළුවාට බවට පත්වූයේ සෑම් රොක්වෙල්ය. ඒ %Three Billboards Outside Ebbing, Missouri^ චිත්‍රපටය වෙනුවෙනි. ඒ විලියම් ඩැෆෝයි, වූඩි හැරල්සන්, ක්‍රිස්ටෝපර් ප්ලමර් වැනි ප්‍රබල රූපණ ශිල්පීන් අභිභවා යමිනි.
මෙවර හොඳම ස්වතන්ත්‍ර තිර පිටපතට හිමි සම්මානය %Get out^ චිත්‍රපටය ලියූ ජෝර්ඩන් පීලේ දිනා ගත් අතර ඒ %The Big Sick^, %Lady Bird^, %The Shape of Water^ සහ %Three Billboards Outside Ebbing, Missouri^ යන සිනමා පිටපත් අභිභවා යමිනි.
මෙවර හොඳම අනුවර්තිත තිර පිටපතට හිමි සම්මානය දිනා ගත්තේ %Call Me by Your Name^ ලියූ ජේම්ස් අයිවරියි. එහෙත් මීට %The Disaster Artist^, %Logan^, %Molly's Game^ සහ %Mudbound^ යන චිත්‍රපටද නිර්දේශව තිබිණ.
එසේම %Darkest Hour^, %Dunkirk^, %Mudbound^, %The Shape of Water^ පරදවමින් මෙවර හොඳම සිනමා කැමරාකරණයට හිමි සම්මානය රොජර් ඩීකින්ස් දිනා ගත් අතර, ඒ %Blade Runner 2049^ චිත්‍රපටය වෙනුවෙනි.
මෙවර හොඳම විදෙස් චිත්‍රපටයට හිමි සම්මානය දිනාගත්තේ චිලී රාජ්‍යයේ %A Fantastic Woman^ චිත්‍රපටයයි. එහෙත් මීට ලෙබනනයේ %The Insult^, රුසියාවේ %Loveless^, හංගේරියාවේ %On Body and Soul^ සහ ස්වීඩනයේ %The Square^ යන සිනමා කෘතිද නිර්දේශ වී තිබිණ.
මෙවර හොඳම Live Action කෙටි චිත්‍රපටය බවට පත්වූයේ %The Silent Child^ චිත්‍රපටයයි. එහෙත් මීට %DeKalb Elementary^, %The Eleven O'Clock^, %My Nephew Emmett^ සහ %Watu Wote/All of Us^ යන චිත්‍රපටද නිර්දේශ විණ.
හොඳම සජීවීකරණ කෙටි චිත්‍රපටය බවට පත්වූයේ %Dear Basketball^ චිත්‍රපටයයි. එහෙත් මීට %Garden Party^, %Lou^, %Negative Space^ සහ %Revolting Rhymes^ නිර්දේශ විණ. හොඳම සජීවීකරණ වෘතාන්ත චිත්‍රපටය බවට පත්වූයේ %Coco^ සිනමා කෘතියයි. එහෙත් මීට %The Boss Baby^, %The Breadman^, %Ferdinand^ සහ %Loving Vincent^ යන සිනමා කෘතිද කරට කර සිටියේය.
මෙවර හොඳම වාර්තා චිත්‍රපටය බවට පත්වූයේ %Icarus^ ය. %Heaven is a Traffic Jam on the 405^ මෙහි කෙටි වාර්තා චිත්‍රපටයට හිමි සම්මානය දිනා ගත්තේය.
හාන්ස් සිමර්, ජෝන් විලියම්ස් ආදී ප්‍රබල සිනමා සංගීතඥයන් අභිභවා යමින් හොඳම චිත්‍රපට සංගීතයට හිමි සම්මානය %The Shape of Water^ චිත්‍රපටය වෙනුවෙන් ඇලෙක්සැන්ඩ්‍රි ඩෙස්පැල්ට් දිනාගත් මෙම සම්මාන උළෙලේදී හොඳම චිත්‍රපට ගීතයට හිමි සම්මානය දිනා ගත්තේ %Coco^ චිත්‍රපටයේ Remember Me ගීතයයි. එය ක්‍රිස්ටීන් ඇන්ඩර්සන් -ලෝපේස් සහ රොබට් ලෝපේස් ගායනා කරන්නකි.
මෙවර සම්මාන උළෙලේදී ගෞරව සම්මාන හිමිකර ගැනීමට වාසනාවන්ත වූයේ ප්‍රංශ චිත්‍රපට අධ්‍යක්ෂිකා ඇග්නස් වර්දා, ඇමෙරිකාවේ චිත්‍රපට අධ්‍යක්ෂ චාල්ස් බර්නෙට්, කැනේඩියානු රූපණ ශිල්පී ඩොනල්ඩ් සදර්ලන්ඩ් සහ ඇමෙරිකානු සිනමා කැමරා අධ්‍යක්ෂ අවන් රොයිස්මන් යන නිර්මාණකරුවන්ය.
එසේම ජීවිත කාලයටම එක්වරක් ප්‍රදානය කෙරෙන විශේෂ සම්මානය %Carne y Arena^ නම් දිසි යථාර්ථය පිළිබඳ ව්‍යාපෘතිය වෙනුවෙන් ඇලෙජැන්ඩ්‍රෝ ජී.ඉනරිටු දිනා ගත්තේය.
(මාලන් විදානපතිරණ)