90 දශකයේ බොලිවුඩ් තරු ඇවෙන්ජර්ස් චිත්රපටයේ
හොලිවුඩ් සිනමාවේ දැවැන්ත නිර්මාණයක් ලෙස සැලකෙන ඇවෙන්ජර්ස් චිත්රපටය හෙට (27දා) එළිදැක්වීමට නියමිතව තිබේ. කෙසේ වුවද ඉන්දියාවේදී මේ සඳහා නිර්මාණය කර ඇති චිත්රපට පෝස්ටරය බොහෝ දෙනාගේ අවධානය දිනාගෙන ඇති බව පෙනෙන්නට තිබේ. මෙම පෝස්ටරය ප්රතිනිර්මාණයක් ලෙස අන්තර්ජාලයට එක්කොට ඇති අතර, 90 දශකයේ බොලිවුඩ් සිනමාවේ නළු නිළියන් මෙම නවතම ඇවෙන්ජර්ස් චිත්රපටය වෙනුවෙන් ආදේශ කර තිබේ.
ඒ අනුව ඇවෙන්ජර්ස් චිත්රපටයේ ප්රධාන චරිත වන ‘තානෝස්’ වෙනුවෙට අම්රිෂ් පූරිද, ‘හල්ක්’ වෙනුවට සනී ඩියෝල්ද, ‘කැප්ටන් ඇමෙරිකා’ වෙනුවට ජැකී ෂෙරෝෆ්ද, ‘බ්ලැක් පැන්තර්’ වෙනුවට අජේ දේව්ගන්ද, ‘අයර් මෑන්’ වෙනුවට අනිල් කපූර්ද, ‘බ්ලැක් විඩෝ’ වෙනුවට රේඛාද, ‘තෝර්’ වෙනුවට සන්ජේ දත්ද උපයෝගී කර ගනිමින් මෙම පෝස්ටරය නිර්මාණය කර තිබේ. එම පෝස්ටරය ඇවෙන්ජර්ස් චිත්රපටය බොලිවුඩ් සිනමාව තුළ ජනප්රිය කර ගැනීමට දරන උත්සාහයක් බවටද බොහෝ දෙනා අදහස් පළ කරති.