60 වැනි ග්‍රැමී සම්මාන උලෙළ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

නිව්යෝර්ක් සිටිහි මැඩිසන් චතුරශ්‍ර පිටියේදී පැවති 60 වැනි ග්‍රැමී සම්මාන උලෙළ පසුගිය 28 වැනිදා රාත්‍රියේ නිමාවට පත්විණ. CBS ජාලය හරහා සජීවීව විකාශය වූ මෙම උලෙළ ජනවාරි මසට ගෙන ඇත්තේ 2018 වසරේ පියොන්ග්චන්ග්හිදී පැවැත්වීමට නියමිත ශීත ඔලිම්පික් තරගාවලිය සමග තරග කිරීම මගහැරීම වෙනුවෙනි.

බ_නෝ මාස් වැඩි ගෞරව දිනාගත් මෙම සම්මාන ප්‍රදානෝත්සවය ඇරඹීමට ප්‍රථම ඉන්දියා ආරිගේ ‘I Am Light’, ස්ටිලේ ඇන්ටිකෝගේ ‘Gaudete in Domino’, ජැස්මියා හෝන් විසින් ජෝන් හෙන්ඩ්‍රික්ස් වෙනුවෙන් ගායනා කළ ‘Moanin’, ටජ් මහල්  සහ කෙබ් මෝ ගායනා කළ ‘Diving Duck Blues’ සහ බොඩි කවුන්ට් ගායනා කළ ‘Black Hoodie’ යන ගීතයන්ගෙන් වර්ණවත් මේ ප්‍රසංගයේ ඉදිරිපත් කිරීම් කටයුතු සඳහා ජෝන් ලෙජන්ඩ්, කෙලී ක්ලාක්සන්, සාරා සිල්වර්මන්, කැතී හෝම්ස් ආදීහු එක් වූහ.

මේ අනුව මෙවර Record of the year හිමි සම්මානය බ_නෝ මාස් දිනාගත් අතර, ඒ 24K Magic ගීතය වෙනුවෙනි. කෙසේවෙතත් මේ සඳහා චයිල්ඩිෂ් ගැම්බිනෝගේ ‘Redbone’, ලුයිස් ෆොන්සි සහ ඩැඩී යැන්කිගේ Despacitoද, Jay-Z ගේ The Story of O.J.ද සහ කෙන්ඩ්‍රික් ලැමාර්ගේ Humble ගීතයද යෝජනා වී තිබිණ.

2016 වසරේ ඔක්තෝබර් මස 01 වැනිදා සිට 2017 වසරේ සැප්තැම්බර් මස 30 වැනිදා යන කාල ප්‍රාන්තරය තුළ නිකුත් වී සංගීත නිර්මාණ වෙනුවෙන් සම්මාන ප්‍රදානය කරන මෙවර ග්‍රැමී සම්මාන උලෙළේදී ප්‍රධාන ප්‍රසංගය රසගැන්වීම සඳහා කෙන්ඩ්‍රික් ලැමාර්, ලේඩ් ගාගා, සෑම් ස්මිත්, බ_නෝ මාස්, පින්ක්, මිලේ සයිරස්, රිහානා, ෂැගී මෙන්ම එල්ටන් ජෝන් ආදීහුද එක් වී සිටියහ. ඒ අනුව මෙහිදී ඇන්ඩෘ ලොයිඩ් වෙබර් සිහිපත් කරමින් පැටී ලුපෝන්ද, ලියොනාඩ් බර්ස්ටයින් සිහිපත් කරමින් බෙන් ප්ලැට්ද, ටොම් පැටී සිහිපත් කරමින් ක්‍රිස් ස්ටැප්ල්ටන් සහ එමිලෝයි හැරිස්ද, ෆැට්ස් ඩොමිනෝ සහ චක් බෙරී සිහිපත් කරමින් ජෝන් බැටිස්ටේ, ගැරී ක්ලාස් සහ ජෝ සේලර්ද ගීත ගායනයේ යෙදීම සුවිශේෂත්වයකි.

මෙවර වසරේ හොඳම ගීත ඇල්බමයට හිමි සම්මානය දිනා ගත්තේද බ_නෝ මාස්ගේ 24 Magic ගීත ඇල්බමයයි. එහෙත් මේ සඳහා චයිල්ඩිෂ් ගැම්බිනෝගේ Awaken My Love !,  Jay-Zගේ 4:44, කෙන්ඩ්‍රික් ලැමාර්ගේ Damn සහ ලෝර්දිගේ Melodrama යන ඇල්බමද නිර්දේශ වී තිබිණ.

මෙවර වසරේ හොඳම ගීතයට හිමි සම්මානය දිනාගත්තේ බ_නෝ මාස්ගේ ගීතයක් වූ That’s What I like ගීතයයි. ඒ සඳහා ලුයිස් ෆොන්සි සහ ඩැඩී යැන්කිගේ ‘Despacito’, Jay-Zගේ ‘4:44’,ජූලියා මයිකල්ස්ගේ ‘Issues’, Logic ගේ ‘1-800-273-8255’ යන ගීතද නිර්දේශ වී තිබිණ.

මෙවර හොඳම නැගී එන තරුවට හිමි සම්මානය ඇලිසියා කාරා දිනාගත් අතර, ඒ කලිඩ්, ලිල් උසි වර්ට්, ජූලියා මයිකල්ස් සහ SZA අබිබවා යමිනි.

එඩ් ෂීරන් මෙවර හොඳම පොප් ගීතයට හිමි සම්මානය දිනාගත් අතර, ඒ ඔහුගේ Shape of you ගීතය වෙනුවෙනි. හොඳම පොප් ගීත ඇල්බමයට හිමි සම්මානය දිනා ගත්තේද ඔහුගේ ‘÷’ ගීත ඇල්බමයයි.

මෙවර හොඳම නර්තනමය ගීතයට හිමි සම්මානය Tonite ගීතය දිනාගත් අතර, එය LCD Soundsystem ගේ ගීතයකි. හොඳම නර්තනමය ගීත ඇල්බමයට හිමි සම්මානය දිනා ගත්තේ ක්‍රාෆ්ට්වර්ක්ගේ 3-D The Catalogue ගීත ඇල්බමයයි.

You Want It Darker ගීතය වෙනුවෙන් ලියොනාඩ් කොහෙන් හොඳම රොක් ගීත ඉදිරිපත් කිරීමට හිමි සම්මානය දිනා ගත් මෙම සම්මාන උලෙළේදී හොඳම රොක් ගීතය බවට පත්වූයේ ෆූ ෆයිටර්ස්ගේ Run ය. හොඳම රොක් ඇල්බමයට හිමි සම්මානය දිනා ගත්තේ A Deeper Understanding  ගීත ඇල්බමයයි. එය The War on Drugsගේ ගීත ඇල්බමයකි.

බ_නෝ මාස්ගේ ‘That's What I Like’ ගීතය හොඳම R&B ගීතය සහ ගීත ඉදිරිපත් කිරීමට හිමි සම්මානය දිනා ගත් 60 වැනි ග්‍රැමී සම්මාන උලෙළේදී හොඳම සම්ප්‍රදායික R&B ගීත ඉදිරිපත් කිරීමට හිමි සම්මානය දිනා ගත්තේ චයිල්ඩිෂ් ගැම්බිනෝගේ Redbone ගීතයයි. බ_නෝ මාස් විසින්ම හොඳම R&B ගීත ඇල්බමයට හිමි සම්මානයද මෙවර දිනා ගත්තේය. ඒ 24K Magic වෙනුවෙනි. 

මාලන් විදානපතිරණ

20180131Grammy-1

20180131Grammy-2 20180131Grammy-3 20180131Grammy-4 20180131Grammy-5