40 පැනපු හොඳම සරාගි මව කවුද
බොලිවුඩ් සිනමා තොරතුරු පිළිබඳව නිරන්තරයෙන්ම අවධානය යොමු කරන එක්තරා ජනප්‍රිය සිනමා වෙබ් අඩවියක් පසුගියදා අමුතුම සමික්ෂණයක් කර තිබුණි. ඒ වයස අවුරුදු 40 සීමාව ඉක්මවා ගිය හොඳම මව කවුද යන්න. මෙම සමික්ෂණයට ඔවුන් තෝරා ගෙන තිබුණේ වර්තමානයේ සිනමා කටයුතු වල නිතරව සිටින බොලිවුඩ් සිනමා නිළියන්ය.
මේ අතරින් පළමු තැන හිමිව තිබුණේ අතිශය ජනප්‍රිය බොලිවුඩ් චිත්‍රපට කිහිපයකම රඟපෑ ලීසා රේය. ඇය මේ වනවිටත් නිවුන් දරුවන් දෙදෙනෙකුගේ මවක් වෙයි. දෙවැනි තැන සායිෆ් අලි ඛාන්ගේ බිරිඳ සුපිරි බොලිවුඩ් සිනමා නිළි කරීනා කපූර්ට ලැබි තිබුණි. තුන්වැනි තැන මේ වසරේ චිත්‍රපට කිහිපයකම දකින්නට සිටි ශිල්පා ෂෙට්ටිය. ඇයද මේ වනවිට මාස කිහිපයක වයසැති දරුවෙකුගේ මවක් බව සඳහන් වෙයි.