37 වැනි උපන්දිනය ජයටම සැමරූ ප්‍රියංකා
පසුගිය ජූලි 18 වැනිදාට යෙදී තිබුණ ප්‍රියංකා චොප්රාගේ උපන්දිනය ජයටම සැමරූ පුවතක් විදෙස් මාධ්‍යයවල පළවී තිබේ. සිය සැමියා වූ ඇමෙරිකානු පොප් ගායක නික් ජෝන්ස් සහ ඔහුගේ පවුලේ ඥාතින් සමගින් මෙසේ ප්‍රියංකාගේ උපන්දින සාදය ඇමෙරිකාවේ මියාම් නගරයේ පිහිටි රාත්‍රී සමාජ ශාලාවක පවත්වා ඇත.
මේ සඳහා ප්‍රියංකාගේ පාර්ශවය නියෝජනය කර ඇත්තේ ඇයගේ ඥාති සොහොයුරියක මෙන්ම ජනප්‍රිය බොලිවුඩ් සිනමා නිළි පරිනිතී චොප්රා පමණක් බව සඳහන් වේ. එදින උපන්දින සාදයට පැමිණි ප්‍රියංකාගේ විලාසිතාව පිළිබඳවද බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබුණ බව වාර්තා වේ.