37 වැනි උපන්දිනය සමරන්න මවුනි මාලදිවයිනට යයි
මේ වසරේ ඉහළම ආදායමක් උපයාගත් බොලිවුඩ් චිත්රපටය වූ අයන් මුඛර්ජිගේ ‘බ්රහ්මාස්ත්රා’ චිත්රපටයේ ජූනොන්ගේ චරිතයට පණදුන් මවුනි රෝයි පසුගිය සැප්තැම්බර් 28 වැනිදා සිය 37 වැනි උපන්දිනය සමරනු ලැබිය.
ඇය මෙවර සිය උපන්දිනය සමරන්නට තේරාගෙන තිබුණේ මාලදිවයිනේ සුපිරි නිවාඩු නිකේතනයක්ය. ඊට ඇගේ සැමියා හා සමිපතම මිතුරු මිතුරියන් කිහිප දෙනෙකු එක්ව සිටි බව සඳහන් වෙයි. එමෙන්ම ඇය මාලදිවයිනේදී ගත් බිකිණි ඡායරූප කිහිපයක්ද සිය සමාජ පිටු හරහා තම රසික පිරිස්වෙත ප්රසිද්ධ කර ඇති බවටද තොරතුරු ලැබේ.