2020 ප්‍රදර්ශනය වන ‘ඩූම්’ සිවුවැන්න
අති සාර්ථක ‘ඩූම්’ චිත්‍රපට මාලාවේ සිවුවැනි නිර්මාණය 2020 වසරේදී ප්‍රදර්ශනය කරන්නට යශ්රාජ් චිත්‍රපට සමාගම සූදානමින් සිටින බව සඳහන් වේ. මෙම චිත්‍රපටය නිෂ්පාදනය කරන ආදිත්‍ය චොප්රා (රාණි මුඛර්ජිගේ සැමියා) මාධ්‍යයට පවසා ඇත්තේ ‘ඩුම්’ සිවුවැන්න සඳහා බොලිවුඩ්යේ සුපිරි නළුනිළියන් කිහිප දෙනෙකු යොදා ගැනීමට අදහස් කරමින් සිටින බවය. ඒ අතර, සල්මාන් ඛාන් හා රන්වීර් සිං දැනටමත් මේ සඳහා ගිවිසුම් අත්සන් කර තිබෙන බව සඳහන් වේ.
කෙසේ වෙතත්, ‘භරත්’, ‘ඩබාන්ග්’ තුන්වැන්න හා ‘ඉන්සාල්හා’ චිත්‍රපටවල වැඩ කටයුතු නිමා වූ පසුව මෙම චිත්‍රපටය සඳහා සම්බන්ධ වන බව සල්මාන් පවසා ඇත.