2020 ජනාධිපතිවරණයට ඉල්ලන ඩ්වේන්
ෆාස්ට් ඇන්ඩ් ෆියුරියස්, සැන් ඇන්ඩ්‍රියාස් වැනි චිත්‍රපටවලින් සිනමා තරුවක් ලෙස බොහෝ දෙනාගේ ආදරය හිමිකරගත් රොක් නොහොත් ඩ්වෙන් ජොන්සන්, ඇමෙරිකා එක්සත් ජනපදයෙන් ජනාධිපතිවරණයට පැමිණෙන බව පසුගියදා සඳහන් කළේය. ඔහු විසින් පවසා ඇත්තේ සිනමාව තුළින් යම්කිසි සේවයක් තම රටට වෙනුවෙන් සිදුකරනු ලැබූවත්, එය ප්‍රමාණවත් නොමැති බවය. එම නිසා තමන්ට ආදරය කරන රසික පිරිස වෙනුවෙන්, ඔවුන්ගේ ඉදිරි අනාගතය වෙනුවෙන් යම්කිසි මෙහෙවරක් සිදු කිරීමට මෙය කදිම මාර්ගය බවය ඔහු පවසා ඇත.