2019 සුබ කරගන්න උත්සාහ කරන සෙලිනා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-01-04-ent-28

ලෝ ප්‍රකට දක්ෂ යොවුන් ගායික මෙන්ම සුරූපි නිළියක වන සෙලීනා ගෝමස් පසුගිය කාලයේ මාධ්‍යය තුළ කතා බහ වුයේ බොහෝ අඩුවෙනි. එයට හේතුව ඇය පසුගිය වසරේදි විවිධ හේතුන් ලෙස රෝගාතුර වීම බව සඳහන් වේ. කාලයක් ඇය ප්‍රතිශක්තිකරණ පද්ධතිය අඩාල වීම වෙනුවෙන් ප්‍රතිකාර ලබා ගත් අතර, එහිදි ඇයට වකුගඩුවක් පවා බද්ධ කරන්නට සිදු විය. සෙලීනා වෙනුවෙන් වකුගඩුවක් පිරිනැමුයේ ඇයගේ හොඳම මිතුරිය ෆ්‍රැන්සියා.දිගින් දිගටම කළ ප්‍රතිකාර සහ රෝහල්ගත වීම් 26 හැවිරිදි සෙලීනාගේ මානසිකත්වය ඇද වැටුණ අතර, ඒ වෙනුවෙන් පවා රෝහල් ගත වී සිටි ඇය මේ වනවිට පුර්ණ සුවයෙන් සිය නිවසේ ගත කරන බව සඳහන් වේ. අතීතයේ වේදනාබර සිදුවීම් අමතතක කර දමා දැන් ඇය අලුත් ජීවිතයකට හුරු වෙමින් සිටින බව ඇයගේ සමිපතමයන් පවසා ඇත. පසුගියදා ඇය සිය ‘ටිවිටර්’ ගිණුම හරහා රසිකයන්ට පණිවිඩයක් තබා ඇත්තේ උදා වූ මෙම වසර සුබපළ ඇති කරගන්නට තමා අත්සාහ කරන බවය.