2019 නව වසරේ කළඑළිබහින නිළි දෙපල
උදා වූ 2019 වසර චිත්‍රපට කර්මාන්තයට විශිෂ්ට වරසක් බව බොහෝ දෙනාගේ අදහසයි. පසුගිය වසර තුළින් නිෂ්පාදනය වෙමින් එහි දෙවැනි චිත්‍රපට ලෙස එළිදැක්වීමට ඇති චිත්‍රපට කිහිපයක්ද මෙම වසරේ තිබීම සතුටුදායක කරුණක් බව මෙහිදී සඳහන් කළ යුතුවේ.
හොලිවුඩ්, බොලිවුඩ්, කොලිවුඩ් සිනමා කර්මාන්තය තුළ එළිදැක්වීමට ඇති චිත්‍රපට අතරින් මෙම මාසයේදී අවධානය යොමුව ඇති චිත්‍රපට කිහිපයක් තිබේ. එහි ඇතැම් චිත්‍රපටවල ප්‍රධාන රංගනයෙන් දායක වන්නේ නවක රංගන ශිල්පීන් වීමද විස්මිත කරුණකි.
ජනවාරි මාසය තුළ එළිදැක්වීමට නියමිතව ඇති චිත්‍රපට මෙම වසරේ ආදායම් වාර්තා අතරට පැමිණේද යන්න ඇතැමුන් විසින් ප්‍රශ්න නැගූවත් එම චිත්‍රපටවල නිෂ්පාදන ආයතන එම චිත්‍රපටය පිළිබඳව දැඩි විශ්වාසයක් ඇති බව සඳහන් වේ.
මෙම වසරේ එළිදැක්වෙන හොලිවුඩ් චිත්‍රපට අතරින් මෙම මස එළිදැක්වීමට නියමිතව ඇති ‘Escape Room’ චිත්‍රපටය විශිෂ්ට චිත්‍රපටයක් ලෙස හැඳින්විය හැකිය. මනෝවිද්‍යාත්මක සිද්ධාන්තයක් මූලික කරගනිමින් නිෂ්පාදනය වන මෙම චිත්‍රපටයේ ප්‍රධාන රංගනයෙන් දායක වන රංගන ශිල්පිනිය ක්ෂේත්රය තුළ ජනප්‍රියත්වයට පත් නොවූ කෙනෙකි.
කැනේඩියානු ජාතිකයෙකු වන ඇය මේ වනවිට චිත්‍රපට කිහිපයක් සඳහා දායක වී තිබේ. ඇය රංගන ශිල්පිනියක ලෙස ක්ෂේත්රයට පිවිසියද සාර්ථක රංගන ශිල්පිනියක් නොවන බව බොහෝ දෙනාගේ අදහසයි. Taylor Russell වන ඇය මේවනවිට 24 වැනි වියේ පසුවේ. 2012 වසරේදී රංගනට පිවිසි ඇය පළමු රංගනයෙන් දායක වනු ලබන්නේ ‘Emily Owens M.D.’ නම් චිත්‍රපටය සඳහාය. ඉන්පසු 2013 වසරේදී තිරගත වූ ‘Blink’ චිත්‍රපටය සඳහා රංගනයෙන් දායක විය. 2014 වසරේදී ඇය චිත්‍රපට දෙකක් සඳහා රංගනයෙන් දායක විය. ඒ ‘The Unauthorized Saved by the Bell Story’ සහ ‘Pants on Fire’ නම් චිත්‍රපට දෙකයි. 2015 ඇයගේ සිනමා නිර්මාණ තුනක් තිරගත වූ නමුත් එම චිත්‍රපට එතරම් සාර්ථකත්වයට පත් නොවූ සිනමා නිර්මාණ බවට සඳහන් වේ.
2016 වසරේදී ඇය දායක වූයේ ‘Dead of Summer’ සහ ‘Before I Fall’ යන චිත්‍රපට දෙකටය. පසුගිය වසරේ ඇය රංගනයෙන් දායක වූ ‘Lost in Space’ සහ ‘Down a Dark Hall’ චිත්රපටද ආදායම් නොලැබූ චිත්‍රපට දෙකකි. 2019 වසරේදී ඇය මෙම මස තිරගත වීමට නියමිත ‘Escape Room’ ඔස්සේ දැක බලාගැනීමට හැකියාව ඇති අතර, ඇය දායක වන ‘Waves’ චිත්‍රපටයද නිෂ්පාදනය වෙමින් පවතින බව සඳහන් වෙයි.
Super 30
බොලිවුඩ් සිනමාවේ දැවැන්ත නිර්මාණය ලෙසින් එළිදැක්වීමට නියමිතව ඇති ‘Super 30’ චිත්‍රපටය බොලිවුඩ් සිනමාව ගොඩ නැගීමට රුකුලක් වන චිත්‍රපටයක් බවට පැවසේ. චරිතාංග චිත්‍රපටයක් වන මෙම චිත්‍රපටය ආනන්දු කුමාර් නැමැති ගණිතඥයෙකුගේ ජීවිත කතාව ඔස්සේ නිර්මාණය වේ. මෙහි ප්‍රධාන රංගනයෙන් රිතික් රෝෂන් රංගනයෙන් දායක වන අතර, ළාබාල නවක නිළියක්ද මෙම චිත්‍රපටයේ ඔහු සමග ප්‍රධාන රංගනයෙන් දායක වේ.
ඇය නමින් Mrunal Thakurය. නිරූපිකාවක් ලෙස ක්ෂේත්රයට පිවිසි ඇය රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නියක ලෙස කටයුතු කළේය. නිරූපිකාවක් ලෙස ක්ෂේත්රයට පිවිසීමට පෙර ඇය මාධ්‍යයවේදිනියක ලෙස කටයුතු කර තිබේ. මාධ්‍ය ක්ෂේත්රයට ප්රවිශ්ඨ වීම සඳහා ඇය KC නම් ජනමාධ්‍ය පාසලේදී අධ්‍යාපනය ලබා තිබේ.
ඇය නිරූපිකාවක ලෙස කටයුතු කිරීමේදී රංගන අවස්ථාවක් හිමි වන්නේ 2014 වසරේදී තිරගත වූ Vitti Dandu නම් මරාති චිත්‍රපටය සඳහාය. ඉන්පසු ඇය එම වසරේ තිරගත වූ ‘Surajya’ නම් චිත්‍රපටය සඳහාද රංගනයෙන් දායක විය. 2014 වසරෙන් පසුව ඇය දායක වූ චිත්‍රපටයක් තිරගත වූයේ 2018 වසරේදීය. ඒ ‘Love Sonia’ නම් චිත්‍රපටයයි. ඇයගේ පළමු හින්දි සිනමා නිර්මණයද එය බවට සඳහන් වේ.
මෙම වසරේදී ඇය චිත්‍රපට දෙකක් සඳහා රංගනයෙන් දායක වන අතර, ඒ ‘Super 30’ සහ ‘Batla House’ නම් චිත්‍රපටයයි. ‘Super 30’ චිත්‍රපටය මෙම මස එළිදැක්වීමට නියමිතව තිබේ. එමෙන්ම කොලිවුඩ් චිත්‍රපට අතරින් මෙම මස එළිදැක්වීමට ඇති චිත්‍රපටක් පිළිබඳව දමිළ රසිකරසිකාවියන් වැඩි අවධානයක් යොමු කර තිබේ.
ඒ දමිල සිනමාවේ සුපර් ස්ටාර් ලෙස සැලකෙන රජිනිකාන්ත්ගේ ‘Petta’ චිත්‍රපටයයි. මෙම චිත්‍රපට කිහිපය වසරේ ආරම්භයේදීම සිනමා කර්මාන්තයට සුබදායී ලකුණක් පහළ කරන බවට බොහෝ දෙනාගේ අදහස වන අතර, මෙම වසරේ සිනමා හොලිවුඩ්, බොලිවුඩ් සහ කොලිවුඩ් සිනමා කර්මාන්තයට සාර්ථක වසරක් වන බව නොඅනුමානය.
Dilan Chryshantha