2018 අවුරුද්දේ 'instagram' තරු



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-08-07-ent-38

සමාජ මාධ්‍ය යනු මේ වනවිට වසංගතයක් මෙන් ලොව පුරා පැතිර තිබෙන විශාල ජාලයක් බවයි බොහො දෙනාගේ මතය වන්නේ. මෙම සමාජ මාධ්‍ය සඳහා බොහෝ දෙනා ඇල්මක් දක්වන්නේ ඔවුන්ගේ තොරතුරු ලෝකය සමග බෙදා ගැනීමට හැකියාව ලැබීම නිසාවෙනි. මේ අතරින් බොහෝ විට ලොව ප්‍රසිද්ධ පුද්ගලයන් මෙම සමාජ මාධ්‍ය ඔස්සේ තමන්ගේ රසිකයන් සමග ගණු දෙනු කිරීමද සිදුවෙයි.

ඒ ආකාරයෙන් ලොව ප්‍රබලතම සමාජ මාධ්‍යයක් වන ‘instagram’ සඳහාද ලැබෙන්නේ සුවිශේෂී ස්ථානයකි. පසුගියදා බොලිවුඩ් සිනමාවේ දක්ෂ නිළියක් වන දීපිකාගේ ‘instagram’ ගිණුම පිළිබඳව කතබහක් ඇති වුණි. ඒ ඇයගේ අනුගාමිකයන් සංඛ්‍යාව නිසාවෙනි. පද්මවාත්’ චිත්‍රපටය ප්‍රදර්ශනය වීමත් සමග බොලිවුඩයේ අංක එකේ සිනමා නිළිය බවට වර්තමානයේ පත්ව සිටින දිපීකා පදුකෝන්ගේ ‘instagram’ පිටුවේ රසික පිරිස මිලියන 25කට වඩා ඇතැයි වාර්තාවේ. මේවනවිට බොලිවුඩ් සිනමාවේ වැඩිම ‘instagram’ රසික පිරිසක් සිටින බොලිවුඩයේ තරුව බවට වර්තමානයේ පත්ව ඇත්තේද දිපීකාය.

බොලිවුඩ් සිනමාවේ මෙන්ම විදෙස් තරු අතරින් පලමු තැනට පත්වන්නේ ලබාල ගායිකාවක් ලෙස සුප්‍රසිද්ධිය උසුලන සෙලීනා ගෝමස්ය. ඇයගේ instagram ගිණුමේ මේවනවිට අනුගාමිකයන් සංඛ්‍යාව ලෙස මිලියන 139.8 ක් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එම හේතුවෙන් වැඩිම අනුගාමිකයන් සංඛ්‍යාවක් සමගින් ලොකයේ පලමු තැනට පත්වීමට සෙලීනා ගෝමස් හට හැකියාව ලැබී තිබිණි. ලෝකයේ ප්‍රසිද්ධ පුද්ගලයන් අතරින් instagram හි දෙවැනි තැනට පත්වන්නේ පාපන්දු ක්‍රීඩකයෙකු වන ක්‍රිස්ටියානෝ රොන්ල්ඩෝ ය. ඔහුගේ අනුගාමිකයන් සංඛ්‍යාව 137.9 කි. Instagram ගිණුමේ අනුගාමිකයන් අතරින් තෙවැනි ස්ථානය හිමිවන්නේ පොප් ගායිකාවක් වන අරියානා ග්‍රාන්ඩේ ය. Instagram හි අනුගාමිකයන් සංඛ්‍යාව මිලියන 124.3 කි. ලොව විශාල ප්‍රසිද්ධියක් ලබා සිටින ගායිකාවන් වන බියෝන්සේගේ Instagram අනුගාමිකයන් සංඛ්‍යාව වන්නේ 116.8 කි. ඇය Instagram අනුගාමිකයන් අතරේ 04 වැනි ස්ථානයේ පසුවෙයි. සාරාගී නිළියක් සහ නිරූපිකාවක් ලෙස සුප්‍රසිද්ධියට පත් කිම් කාර්ඩිෂියන්ද Instagram අනුගාමික ලැයිස්තුවේ පස්වැනි ස්ථානයට පසුවෙයි. ඇයගේ අනුගාමිකයන් සංඛ්‍යාව ලෙස විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ මිලියන 108 කි.

එම හේතුවෙන් ඇය පස්වැනි ස්ථානයේ රැඳී සිටියි. තවද පොප් ගායිකාවක් ලෙස ප්‍රසිද්ධියට පත්ව සිටින ටේයිලර් ස්විෆ්ටද හයවැනි ස්ථානයේ පසුවෙයි. ඇයගේ Instagram ගිණුමේ අනුගාමිකයන් සංඛ්‍යාව මිලියන 106 කි. පසුගියදා ලබාල කෝටිපතිනිය ලෙස හඳුන්වා දුන් කයිලි ජෙනර් ගේ Instagram ගිණුමේ අනුගාමිකයන් සංඛ්‍යාව අනුව ඇය හත්වැනි ස්ථානයේ පසුවෙයි. ඇයගේ Instagram ගිණුමේ අනුගාමිකයන් මිලියන 104 කි. හොලිවුඩ් සිනමාවේ මෙන්ම රෙස්ලින් තරුවක් ලෙස සුප්‍රසිද්ධියට පත් ඩේවෙන් ජොන්සන් නොහොත් රොක් ලෙස ලෝකයේ බොහෝ දෙනා හඳුනන ඔහුගේ ගිණුමේ අනුගාමිකයන් සඳහා වන්නේ මිලියන 111.6 කි. ඒ හේතුවෙන් ඔහු අටවැනි ස්ථානයේ පසුවෙයි. පසුගිය දිනවල වැඩිම කතාබහක් ඇති වූ පුද්ගලයෙකු වන ජස්ටින් බීබර්ගේ Instagram ගිණුමේ අනුගාමිකයන් සංඛ්‍යාව මිලියන 102 කි. ඔහු මෙම ලැයිස්තුවේ පසුවන්නේ නවවැනි ස්ථානයේය. මෙම Instagram ලැයිස්තුවේ දහවැනි ස්ථානයේ පසුවීමට අවස්ථාව උදා වන්නේ පාපන්දු ක්‍රීඩකයෙකු වන නේමාර්ටය. ඔහුගේ ගිණුමේ අනුගාමිකයන් සංඛ්‍යාව මිලියන 101කි.

ලොව ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ Instagram අනුගාමිකයන් සංඛ්‍යාවට සාපේක්ෂව බොලිවුඩ් සිනමාවේ තරුවල Instagram අනුගාමිකයන් සංඛ්‍යාව ඉතාමත් අතලොස්සකි. විදෙස් තරුවල Instagram අනුගාමිකයන් මිලියන 100 පසුකරනු ලැබූවත් ඉන්දියානු සිනමා තරුවල අනුගාමිකයන් ඇත්තේ මිලියන 25ටත් අඩුසංඛ්‍යාවකි. කෙසේ වුවත් එහි අනුගාමිකයන් අතරින් පලමු තැන දීපිකාට ලැබී තිබෙන අතර, ප්‍රියංකා චොප්රාගේ අනුගාමිකයන් සංඛ්‍යාව මිලියන 23.1 ක් හෙයින් ඇයට දෙවැනි ස්ථානය හිමිවෙයි. තෙවැනි ස්ථානයේ පසුවන්නේ බොලිවුඩ් නිළි ආලියා භාත්ය. ඇයගේ අනුගාමිකයන් සංඛ්‍යාව මිලියන 21.8කි. මිලියන 20.8ක අනුගාමිකයන් ප්‍රමාණයක් සමගින් ශ්‍රද්ධා කපූර්ට සිව්වන ස්ථානය හිමිව තිබේ.

බොලිවුඩ් සුපිරි නළු ආක්ෂේ කුමාර්ගේ Instagram ගිණුමේ අනුගාමිකයන් 18.4ක් හෙයින් ඔහුව මෙම ලැයිස්තුවේ පස්වෙනි ස්ථානයේ පසුවෙයි. ජැකලින් ෆර්නැන්ඩස් පසුවන්නේ හය වැනි ස්ථානයේය. ඇයගේ අනුගාමිකයන් සංඛ්‍යාව මිලියන 18.1 කි. සල්මන් ඛාන්ගේ අනුගාමිකයන් සංඛ්‍යාව මිලියන 16.1 ක් වන අතර, ඔහු හත්වැන්නා වෙයි. ෂාහඩ් කපූර් ගේ අනුගාමිකයන් මිලියන 13.5කි. මොහු අට වැන්නා වන අතර, නව වැනි ස්ථානයේ පසුවන්නේ සරාගී නිළි සනී ලියෝන්ය. ඇගේ ගිණුමේ අනුගාමිකයන් සංඛාව ලෙස 13.9 කි. මෙම ලැයිස්තුවේ දහවැනි ස්ථානයේ රැඳී සීටිම වාසනාව උදා වන්නේ බොලිවුඩ් නිළි සෝනම් කපූර්ටය. ඇයගේ ගිණුමේ අනුගාමිකයන් සංඛ්‍යාව වන්නේ මිලියන 12.7කි. හොලිවුඩ් සිනමාවේ මෙන්ම බොලිවුඩ් සිනමාද සමාජ මාධ්‍ය ඔස්සේ ජනප්‍රියත්වයට පත් තරු අතරින් ඉහලින්ම සිටින තරු බවට මොවුන් පත් වී හමාරය.

 

2018-08-07-ent-34 2018-08-07-ent-35 2018-08-07-ent-36 2018-08-07-ent-37  2018-08-07-ent-39 2018-08-07-ent-40 2018-08-07-ent-41