'2.0' චිත්‍රපටය මිලියන 24ක් නරඹයි
ශේකර් අධ්‍යක්ෂනය කළ ‘2.0’ චිත්‍රපටයේ ප්‍රචාරක පටය පසුගියදා නිකුත් කරනු ලැබීය. සැප්තැම්බර් 13 වැනිදා එළිදක්වනු ලැබු මෙම ප්‍රචාරක පටය දින පහක් තුළදී නරඹා ඇති පිරිස මිලියන 24ක් බව සඳහන් වේ.
මේ වසරේ මුල් භාගයේදි මෙම චිත්‍රපටය ප්‍රදර්ශනය කිරිමට සූදානම් කර තිබුණද කුමන හෝ හේතුවක් මත මෙම චිත්‍රපටය ප්‍රදර්ශනය විම කිහිප වරක්ම කල් ගියේය. කෙසේ වෙතත්, මේ වනවිට මෙම චිත්‍රපටය දෙසැම්බර් 24 වැනිදා ප්‍රදර්ශනයට සූදානම් කර ඇති බව සඳහන් වේ.
සිනමා විචාරකයන් පවසන්නේ මෙහි ප්‍රචාරක පටය නිකුත් වීමත් සමග චිත්‍රපටය පිළිබඳව ප්‍රේක්ෂක උනන්ඳුව මේ වනවිට වැඩිවි ඇති බවය.