2.0 චිත්‍රපටය කෝටි 1000ක් උපයයිද?



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-01-07-ent-76

මේ වනවිට ලොවපුරා අති සාර්ථකව තිරගත වෙන ශේකර්ගේ ‘2.0’ චිත්‍රපටය ඉන්දීය රුපියල් කෝටි 1000ක ආදායමක් උපයාගනු ඇතැයි බොහෝ සිනමා විචාරකයින් සිය මත පළ කොට ඇත. මේ වනවිට ඉන්දීය රුපියල් කෝටි 800ක ආදායමක් උපයාගෙන ඇති මෙම චිත්‍රපටය වැඩිම ආදායමක් උපයාගෙන ඇත්තේ දකුණු ඉන්දියාවෙන් බව සඳහන් වේ. ඒ ඉන්දීය රුපියල් කෝටි 490කි.

උතුරු ඉන්දියාවේ ඉන්දිය රුපියල් කෝටි 190ක ආදායමක් උපයා ඇති මෙම චිත්‍රපටය විදෙස් රටවලදීද අතිශය සාර්ථක ව ඇති චිත්‍රපටයකි. තවමත් මෙම චිත්‍රපටය චීනය, සිංගප්පුරුව, තායිලන්තය වැනි ආසියානු රටවල ප්‍රදර්ශනය වී නොමැති අතර, එම රටවලද මෙම චිත්‍රපටය ප්‍රදර්ශනය වුවහොත් සිය ආදායම් තත්ත්වය ඉන්දීය රුපියල් කෝටි 1000ක් දක්වා වැඩි කර ගැනීමට හැකියාව ලැබෙන ඇතැයි බොහෝ දෙනා මත පළකොට ඇත.