2.0 චිත්‍රපටය කෝටි 600කට වැඩිය උපයවනවා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-11-08-ent-75

නොවැම්බර් 28 වැනිදා ඉන්දියාවට සමගාමිව ලොවපුරා රටවල් කිහිපයක ප්‍රදර්ශන අරඹන්නට නියමිත ශේකර්ගේ ‘2.0’ චිත්‍රපටය ඉන්දීය රුපියල් කෝටි 600කට වඩා වැඩි ආදායමක් උපයනු ඇතැයි එම චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කරන රාජිණිකාන්ත් පසුගියදා එහි ප්‍රචාරක වැඩසටහනකදී පවසා ඇත.

2010 වසරේ තිරගත වු ‘2.0’ පළමු චිත්‍රපටය ‘එන්දිරන්’ තිරගත වූ කාලසීමාවේදී ඉන්දීය රුපියල් කෝටි 300කට ආසන්න මුදලක් උපයා ගන්නට සමත් විය. එය දමිල චිත්‍රපටයක් විසින් උපයාගත් තෙවැනි වැඩිම ආදායමද වන්නේය. 2010 වඩා චිත්‍රපට නරඹන්නන්ගේ උනන්ඳුව අද ඉතා ඉහළ මට්ටමක පවතින හෙයින් 2.0 චිත්‍රපටය ඉන්දීය රුපියල් කෝටි 600කට එහා ආදායමක් උපයාගනු ඇතැයි තමා තුළ දැඩි විශ්වාසයක් පවතින බව ඔහු තව දුරටත් පවසා තිබේ. ‘2.0’ චිත්‍රපටය ඉන්දීය රුපියල් කෝටි 500ක් වැය කරමින් තැනුවක්ද වේ.