2.0 එක්ක නැවතත් ‘ඇමී’ කරළියේ
දමිළ සිනමාවේ විශාලතම හැරවුම් ලක්ෂයක් ලෙස හඳුන්වන චිත්‍රපටයක් පිළිබඳව පසුගිය කාලය පුරාවට බොහෝ කතාබහක් ඇති විය. ඒ රජිනිකාන්ත් සහ ආක්ෂේ කුමාර් ප්‍රධාන චරිත සඳහා රංගනයෙන් දායක වන ‘2.0’ චිත්‍රපටය පිළිබඳවයි. ඉහළ ගණයේ තාක්ෂණික ප්‍රයෝග යොදා ගනිමින් නිෂ්පාදනය කළ මෙම චිත්‍රපටය දිනෙන් දින එළිදැක්වීම කල් ගියේය. කෙසේවුවත් පසුගියදා ‘2.0’ චිත්‍රපටයට අදාළ ආක්ෂේ සිටින පෝස්ටරය අන්තර්ජාලයට එක් කෙරුණි.
එම කාරණයත් සමගින් මෙම චිත්‍රපටය පිළිබඳව නැවතත් රසිකයන්ගේ අවධානය යොමු විය. කාලයක් පුරා ඉන්දියාවේ ප්‍රදර්ශනය වන බවට ඉඟි පළ වූවද ශේකර්ගේ ‘‘2.0’ චිත්‍රපටය ඉන්දියාවේ තිරගත වීමට නියමිත නිශ්චිත දිනයක් වාර්තා කිරීමට මේ වන විට හැකියාව තිබේ. ඒ මෙම වසරේ නොවැම්බර් 29 වැනිදාය. ඉන්දියානු රුපියල් කෝටි 542ක වියදමක් දරා නිෂ්පාදනය කළ මෙම චිත්රපටයෙහි පළමු ප්රචාරක පටය අද දිනයේදී (13දා) නිකුත් කිරීමට නිෂ්පාදකවරු බලාපොරොත්තු වන අතර, එම ප්රචාරක පටය මුළුමුණින්ම චිත්‍රපටයේ දුෂ්ඨ චරිතය නිරූපණය කරන ආක්ෂේ කුමාර් පෙනී සිටින ජවනිකාවලින් සමන්විත බව නිෂ්පාදක මණ්ඩලය සමාජ ජාලා ගිණුම් හරහා ප්‍රේක්ෂයන් දැනුම්වත් කොට තිබේ. මෙම චිත්‍රපටය පිළිබඳව කතාබහ කිරීමට බොහෝ කාරණා ඇත. මෙහි අඩංගු තාක්ෂණය මීට ප්‍රථම නිෂ්පාදනය වූ චිත්‍රපට සඳහා භාවිතා කර නොමැති බවත් ඇතැමුන්ගේ අදහසයි. කෙසේ වුවත්, මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිත හැඩකරනු ලබන්නේ රජිනිකාන්ත්, ආක්ෂේ කුමාර් සහ ඇමී ජැක්සන් විසිනි.
ලන්ඩන් ජාතිකයෙකු වන ඇමී මේ වනවිට 27 වැනි වියේ පසුවෙයි. ක්‍රිස්තියානු පවුලකින් පැවැත එන ළාබාල නිරූපණ ශිල්පිනියක සහ සුප්‍රසිද්ධ සිනමා නිළියක වන ඇමී ජැක්සන් උපන්නේ 1992 වර්ෂයේදීය. ඇය අවුරුදු 18දී නිරූපණය තුළින් කිරුළක් පැලඳීමට අවස්ථාව උදා කරගෙන තිබේ. ඒ 2009 වසරේදී පැවැති ‘Miss Teen World’ කිරුළයි. එම කිරුළෙන් පසුව ඇයට නිරූපණය ක්ෂේත්රය පිළිබඳව වැඩිදුර අධ්‍යාපනය ලැබීමට ඇ.ඩො. 50,000ක ශිෂ්‍යත්වයක්ද ප්රදානය කෙරිණි. 2009 වර්ෂයේදී ‘Miss Teen World’ තරගයට සහභාගි වූ ඇමී ඉන් පසුව 2010 වර්ෂයේදී ‘Miss Liverpool’ ලෙසද කිරුළු පැලඳීය. ඇයට නැවත 2010 වසරේදී ‘Miss England’ ලෙසද කිරුළු පැලඳීමට අවස්ථාව උදාවිය.
නිරූපණ ශිල්පිනියක් ලෙස ඇය සුප්‍රසිද්ධියට පත්වූ ඇය කලාවට පිවිසෙන්නේ 2008 වසරේදීය. 2010 වසරේදී ඇය රංගනයට පිවිසීමට අවස්ථාව උදාවිය. ඒ 2010 වසරේ තිරගත වූ දමිළ චිත්‍රපටයක් වන ‘ Madrasapattinam’ චිත්‍රපටය ඔස්සේය. එම චිත්‍රපටයේ රංගනය හේතුවෙන් ඇය Vijay Awards සම්මාන රාත්‍රියේ හොඳම නැගී එන නිළි සම්මානය සඳහාද නිර්දේශ විය. පළමු චිත්‍රපටයේ ඇයගේ දක්ෂතා හේතුවෙන් මෙලෙස සම්මාන උළෙලක් සඳහා යෝජනා වීම තරමට ඇය වාසනාවන්ත වූ බව බොහෝ දෙනාගේ මතයයි. 2012 වසරේදී ඇය ඉන්දියාව බලා පැමිණ තිබේ. ඇය 2012 වසරේ සිට මුම්බායිහි මහරාෂ්ටහි ජීවත් වේ. 2012 වසරේදී ඇයට චිත්‍රපට දෙකක් සඳහා අවස්ථාව උදාවිය. ඒ ‘Ekk Deewana Tha’ නම් හින්දි චිත්‍රපටයට සහ ‘Thaandavam’ නම් දමිළ චිත්‍රපටයන් සඳහාය. 2014 වසරේදී ඇය ‘Yevadu’ නම් තෙළිඟු චිත්‍රපටය සඳහා රංගනයෙන් දායක විය. 2015 වසරේ ඇය දායක වූ චිත්‍රපටයක් හේතුවෙන් බොහෝ ප්‍රසිද්ධියට පත් විය. ඒ 2015 වසරේ තිරගත වූ ’I’ චිත්‍රපටය හේතුවෙනි. එය මූල්‍යමය වාර්තා අතරට පැමිණි චිත්‍රපටයක් ලෙසද නම් විය. 2015 තිරගත වූ ‘I’ චිත්‍රපටය හේතුවෙන් ඇයට සම්මාන දෙකක් හිමිවිය. ඒ ‘Asiavision Awards’ හිදී ‘Excellence In Tamil Cinema’, ‘Behindwoods Gold Medals’හිදී ‘Best Entertainer of the Year (කාන්තා)’ යන සම්මාන දෙකයි.
2015 වසරේදී ඇය ආක්ෂේ කුමාර් සමග රංගනයෙන් යෙදුනු ‘Singh Is Bliing’ චිත්‍රපටය හේතුවෙන් ඇයව සිනමා ක්ෂේත්රය තුළ කැපී පෙනෙන චරිතයක් විය. ඉන්පසු එම වසරේදීම ඇය ‘Thanga Magan’ නම් චිත්‍රපටය සඳහාද දායක විය. 2016 වසරේ දමිළ සහ හින්දි චිත්‍රපට 06ක් සඳහා රංගනයෙන් දායක වීමට ඇයට අවස්ථාවන් හිමිව තිබේ. 2016 වසරෙන් පසු ඇය නැවත සිනමාවට පිවිසෙනුයේ මෙම වසරේදීය. 2017දී ඇය රූපවාහිනී කතාමාලාවක් සඳහා ඇය රංගනයෙන් දායක විය. ලොව සුප්‍රසිද්ධ ඉංග්‍රීසි කතාමාලාවක් වන ‘Super Girl’ රූපවාහිනී කතාමාලාවේ 2017 සිට මේ දක්වා ඇය රංගනයෙන් දායක වේ. ඇයගේ පළමු ඉංග්‍රීසි චිත්‍රපටය මෙම වසරේ එළිදැක්වීමට නියමිතව ඇත. ඒ ‘Boogie Man’ නම් චිත්‍රපටයයි. එම චිත්‍රපටයේ රූගත කිරීම් තවමත් සිදුවෙමින් පවතින බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. ඊට අමතරව, ‘The Villain’ නම් කන්නඩ චිත්‍රපටයද, ‘2.0’ දමිළ චිත්‍රපටයද එළිදැක්වීමට නියමිතව තිබේ. නිරූපණ ක්ෂේත්රය තුළින් සිනමාවට පිවිසි එමී මේ වන විට සිනමාවේ කැපී පෙනෙන තරුවක් වී හමාරය.