ෆාස්ට් එක්ස් චිත්රපටයේ අවසන් ප්රචාරක පටය පෙබරවාරි අන්තිමට
මේ වසරේ මැයි 19 වැනිදා හොලිවුඩයට සමගාමිව ලොවපුරා ප්රදර්ශනය කිරීමට සැළසුම් කර ඇති ෆාස්ට් එක්ස් චිත්රපටයේ අවසන් ප්රචාරක පටය එළැඹෙන පෙබරවාරි අවසන් සතියේදී නිකුත් කරන්නට චිත්රපට නිෂ්පාදක හා ෆාස්ට් එක්ස් චිත්රපටයේ ප්රධාන නළු වින් ඩිසල් පවසා තිබේ.
ඇමෙරිකානු ඩොලර් මිලියන 340ක අති දැවැන්ත නිෂ්පාදන පිරිවැයක් දරා නිර්මාණය කරන මෙම චිත්රපටය ෆාස්ට් ඇන්ඩ් ෆියුරිස් චිත්රපට මාලාවේ ඉහළම නිෂ්පාදිත පිරිවැයක් දරා නිර්මාණය කළ චිත්රපටය බවට ඉතිහාස ගතද වෙයි.