ෆාස්ට් ඇන්ඩ් ෆියුරිස් 10 වැනි චිත්‍රපටය 2023 දී
මේ වනවිට ඇමෙරිකනු ඩොලර් මිලියන හත්සියයකට ආසන්න මුදලක් උපයා ගනිමින් අති සාර්ථකව ප්‍රදර්ශනය වන ‘ෆාස්ට් ඇන්ඩ් ෆියුරිස්’ නමවැනි චිත්‍රපටය මේ වසරේ තිරගත වූ සාර්ථකම හොලිවුඩ් චිත්‍රපටය බවට පත්ව ඇත. මෙම චිත්‍රපටයේ මිළඟ චිත්‍රපටය නිකුත් කරන දිනය මේ වනවිට ප්‍රකාශයට පත් කර තිබෙන අතර, ඒ 2023 වසරේ අප්‍රේල් 07 වැනිදාය.
මෙම චිත්‍රපටය මීට පෙර නිකුත් කරන්නට බලපෙරොත්තුවෙන් සිටියේ 2023 වසරේ ජනවාරි මාසයේදීය. එහෙත්, දැනට ප්‍රදර්ශනය වෙමින් පවතින චිත්‍රපටය ‘කොවිඩ්’ වසංගත තත්ත්වය හේතුවෙන් නිකුත් කරන්නට කල් ගත වූ හෙයින් ‘ෆාස්ට් ඇන්ඩ් ෆියුරිස්’ 10 වැනි චිත්‍රපටය නිකුත් කිරිමද මෙසේ කල් ගිය බව සඳහන් වෙයි.