හිසේ කෙස් ගාණට දේපල ඇති සල්මාන් තවත් තට්ටු නිවසක් කුළියට ගනි
මේ වනවිට අන්ද්රාහි පිහිටි ගැලැක්සි මහල් නිවසේ පදිංචිව සිටින සුපිරි බොලිවුඩ් සිනමා නළු සල්මාන් ඛාන් මීට දින කිහිපයකට පෙර සිය ගැලැක්සි තට්ටු නිවසට මදක් එපිටින් පිහිටි ඩුප්ලෙක්ස් සුඛෝපභෝගි මහල් නිවසේ 17 වැනි තට්ටුව මාස 11ක් කාලයක් සඳහා කුළියට ගෙන ඇතැයි වාර්තා වෙයි.
විශාල දේපල ප්රමාණයකට හිමිකම් කියන සල්මාන් ඛාන් මෙසේ හදිසියේම ඩුප්ලෙක්ස් හි තට්ටු නිවසක් කුළියට ගැනීම බොහෝ දෙනෙකුට ප්රශ්නාර්ථයක් වී ඇත. සල්මන් පවසන්නේ තමන් සමග වැඩ කරන සමිපතම සේවකයෙකු වෙනුවෙන් මෙම තට්ටු නිවස කුළියට ගත් බවය. වාර්තා වන අන්දමට මෙහි මාසික කුළිය ඉන්දීය රුපියල් ලක්ෂ 8ක් වන බව සඳහන් වෙයි.