හොලිවුඩ් සිනමා නළු ආනල්ඩ්ගේ විසිපස් වසරක විවාහය අවසන්
80, 90 දශකයේ හොලිවුඩයේ සිටි සුපිරිතම නළුවා වන ආනල්ඩ් ස්වසනේගර් හා සිනමා නිළි මාරියා ශිවර් අතර වසර විසිපහක් තිස්සේ පැවැති විවාහ සම්බන්ධය පසුගිය දෙසැම්බර් 28 වැනිදා දික්කසාදයකින් නිමා වූ බව වාර්තා වෙයි. දික්කසාද වන විට ඔවුන් දරුවන් සිවුදෙනෙකුගේ මව්පියන්ද වි සිටියහ.
මම දික්කසාදයට හේතුව වි ඇත්තේ ආනල්ඩ් දැනට පදිංචිව සිටින ඇමෙරිකවේ ලොස් ඇන්ජලිස් නගරයේ නිවසේ සිටි පවුලේ ගෘහ සේවිකාව වූ ජෝසෆ් බේනාට, ආනල්ඩ්ගෙන් දරුවෙක් ලැබීම හේතුවෙනි. සිය දික්කසාදයත් සමග ආනල්ඩ් මේ වනවිට බේනා හා ඔවුන්ගේ දරුවා පෙනි සිටින ඡායාරූප අන්තර්ජාලයට නිකුත් කර ඇත.