හොලිවුඩයේ ගත කළ වසර දහය ගැන ප්‍රියංකා කියන කතාව
මේ වනවිට හොලිවුඩයේ ස්ථාවර වී ඇති බොලිවුඩ් සිනමා නිළි ප්‍රියංකා චොප්රා තමන් හොලිවුඩයේ ගත කළ ගෙවුණු වසර දහය පිළිබඳව මතක් කිරිමක් සිදුකර ඇත. ඇය පවසන්නේ තමන් හොලිවුඩ් සිනමාවට සම්බන්ධ වූ මුල් කාලයේ ඉංග්‍රීසි චතුර ලෙස කතා කිරිමට නොහැකි තත්ත්වයක පසුවු බවය.
ඇමරිකානු රූපවාහිනී කතා මාලාවක් වූ Quantico ටෙලි නාට්‍යයේ ඇලෙක්ස් පැරිෂ් චරිතය රඟපෑමෙන් පසුව තමන්ට ඉංග්‍රීසි භාෂාව මනා ලෙස හැසිරවීමට හැකිවූ බවත් දිගින් දිගටම ඇමෙරිකානු ජිවිතයට හුරුවීමත් සමග ඉංග්‍රීසි භාෂාව තම මව් භාෂාව මෙන් සමාන වූ බව ඇය මෙහිදි පවසා ඇත.