හැරී මෙගාන් දියණියගේ උපන් දිනයට විලියම් කේට් නෑ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

බ්‍රිතාතාන්‍යයේ ඔටුන්න හිමි හැරී කුමරු සහ බිරිඳ මෙගාන් මාකෙල් ඔවුන්ගේ සිඟිති දියණිය ලිලිබට්ගේ පළමු උපන් දිනය ලන්ඩන් නුවරදී සැමැරූහ.

රාජකීය කටයුතුවලට සමුදී, ඇමෙරිකාවේ පදිංචිවී සිටින හැරී මෙගාන් යුවල ඔවුන්ගේ දරු දෙදෙනා වන ආර්චි සහ ලිලිබට් සමඟ පසුගිය සතියේ යළි ලන්ඩනයට පැමිණියහ. ඒ, දෙවැනි එලිසබත් මහ රැජිනගේ ප්ලැටිනම් ජුබිලියේ සැමරුම් උත්සව සඳහා සහභාගී වීමටය.

යුවල ලන්ඩනයට පැමිණියේ ද මහ රුජිනගේ ඇරැයුමකට අනුවය. හැරී මෙගාන් යුවල රාජකීය කටයුතුවලට සමුදී ඇමෙරිකාවේ පදිංචියට ගියේ රජ පවුලේ සාමාජිකයන් සමඟ විරසකයක් ඇති කර ගනිමිනි.

දෙවැනි එලිසබත් මහ රැජිනට හැරී මෙගාන් යුවලගේ දියණිය ලිලිබට් හමුවීමට අවස්ථාව ලැබුණේ ද පසුගිය දා ප්ලැටිනම් ජුබිලි සැමරුම අතරතුරේය.

ලිබට්ගේ පළමු උපන් දින වෙනුවෙන් කුඩා සාදයක් පැවැත්වීමට හැරී මෙගාන් කටයුතු කළ අතර ඊට සහභාගී වෙන්නැයි විලියම් කුමරුන්ටත් කේට් මිඩ්ල්ටන් ආදාපාදවරියටත් ඇරැයුම් කර තිබුණු නමුත් ඔවුන් ඊට සහභාගී නොවුණු බව වාර්තා වේ.

(රොයිටර්)