හැරී පෝටර් ලියූ සුප්‍රසිද්ධ ලේඛිකාවගේ ජීවිතය අනතුරේ?



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

හැරී පෝටර් කියන අතිශය ජනප්‍රිය කතා මාලාව ඔබට අමුතුවෙන් හඳුන්වා දිය යුතු නැහැ. ලොව පුරා පාඨකයින් උන්මාදයට පත් කළ මේ කතා මාලාවේ නිර්මාතෘවරිය ජේ. කේ. රෝලිං. රෝලිං ගැන නවතම ප්‍රවෘත්තියක් මේ වන විට අන්තර්ජාලය කැළඹීමට පත් කර තිබෙනවා. ඒ, ඇයට ජීවිත තර්ජන එල්ල වී ඇති බව කියන ප්‍රවෘත්තිය යි.

පසුගිය දිනෙක පිහි ප්‍රහාරයකට ලක්වූ සුප්‍රසිද්ධ ලේඛක සල්මන් රූෂ්ඩි වෙනුවෙන් ඇය තැබූ ට්විටර් සටහනට ප්‍රතිචාර වශයෙන් අයෙක් මෙසේ මරණීය තර්ජන එල්ල කර තිබුණා. එම පුද්ගලයා එහි සඳහන් කර තිබුණේ, "කරදර වෙන්න එපා ! ඊළඟට ඔයා..." (don't worry you are next) යනුවෙනුයි.

කෙසේ වෙතත්, අනාවරණය වී ඇති පරිදි මෙම කමෙන්ටුව දැමූ පුද්ගලයා අන්තවාදී කල්ලියක සාමාජීකයෙකු බවට තහවුරු වී තිබෙනවා. එසේම, මේ වන විට රෝලිංගේ ආරක්ෂාව ද තහවුරු කර ඇති බව යි විදෙස් මාධ්‍ය තහවුරු කළේ. 75 හැවිරිදි සල්මන් රූෂ්ඩි නම් ඉන්දියානු සම්භවයක් සහිත ලේඛකයා පසුගිය දා (සිකුරාදා) පිහි පහරකට ලක්වූ අතර, ශල්‍යකර්මයකින් අනතුරුව ඔහු සුව වෙමින් පවතින බවයි වාර්තා වන්නේ. නවකතාකරුගේ ඇසක් අහිමි වීමට ඉඩ ඇති බවත්, ඔහුගේ අතේ ස්නායු ආබාධයක් මෙන්ම අක්මාවේ තුවාල කිහිපයක් ද පවතින බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.