හැරී පෝටර් තරුව සිය අලුත උපන් දරුවා සමග

  • 26-06-2023
  • Views 103

හැරි පෝටර් චිත්‍රපට මාලාව හරහා ලෝකයේම අවධානය දිනාගත් ඩැනියෙල් රැඩ්ක්ලිප් පසුගිය අප්‍රේල් 25 වැනිදා සිය පළමු දරුවා පිළිගෙන තිබුණි. වසර කිහිපයක් තිස්සේ තම පෙම්වතියව සිටින එරික් ඩාර්කේ සමගින් මේ වනවිට ඇමෙරිකාවේ නිව්යෝර්ක් නගරයේ රැඳි සිටින අතර, සිය අලුත උපන් දරුවාගේ ඡායාරූප කිහිපයක් මේ වනවිට සමාජ මාධ්‍යයට නිකුත් කර තිබෙන බව සඳහන් වෙයි.

ඇමරිකානු නිළියක් වන එරික් ඩාර්කේ හා ඩැනියෙල් වසර දහයකට වැඩි කාලයක් සිට එක වහළක් යට ජිවත් වෙන අතර, ඔවුන් තවමත් අවිවාහක වී සිටිමද විශේෂත්වයකි. ඔවුන් දෙදෙනා 2012 දී Kill Your Darlings චිත්‍රපටයේ රූගත කිරීම්වලට සම්බන්ධ වූ දා සිට පෙම්වතුන් බවට පත්ව තිබුණි.