හැරිසන් ෆෝඩ් අනතුරකට ලක්වෙලා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ජනප්‍රිය හෙලිවුඩ් සිනමා නළු හැරිසන් ෆෝඩ් මීට දින කිහිපයකට අනතුරකට ලක්වූ පුවතක් වාර්තා වෙයි. ඒ ‘ඉන්දියනා ජෝන්ස්’ අලුත්ම චිත්‍රපටයේ රූපගත කිරිමක් අතරතුරදීය. මෙම අනතුරින් හැරිසන්ගේ උරහිසේ ආබාධයකට ලක්ව තිබෙන අතර, ඔහු ඊට මේ දිනවල ප්‍රතිකාර ලබමින් සිටින බව දැන ගැනීමට ලැබේ.

78 වැනි වියෙහි පසුවන හැරිසන් මෙම අනතුරට මුහුණ දී ඇත්තේ ‘ඉන්දියානා ජෝන්ස්’ චිත්‍රපටයේ එක්තරා සටන් ජවනිකාවකදී බව විදෙස් මාධ්‍යයන් අනාවරණය කර සිටියි. ආබාධය සම්බන්ධව වැඩි තොරතුරක් වාර්තා නොවන නමුදු, චිත්‍රපට අධ්‍යක්ෂක ජේම්ස් මැන්ගෝල්ඩ් පවසන්නේ හැරිසන් සුව වු විගස මෙහි රූපගත කිරිම් යළිත් අරඹන්නට කටයුතු කරන බවය.