හියූ ජැක්මනුත් ‘ජේම්ස් බොන්ඩ්’ චරිතය අත්හරි
සුපිරි හොලිවුඩ් සිනමා නළු ඩැනියෙල් කේජ් ‘ජේම්ස් බොන්ඩ්’ චිත්රපට මාලාවට සමුදි ඇතැයි වාර්තා වේ. ඩැනියෙල් පෙනි සිටින අවසන් ‘ජේම්ස් බොන්ඩ්’ චිත්රපටය වන්නේ පසුගිය සැප්තැම්බරයේදී ප්රදර්ශනය වූ ‘නෝ ටයිම් ටූ ඩයි’ චිත්රපටයයි.
ඩැනියෙල්ගේ ඉවත්වීමත් හරහා මේ වනවිට ‘ජේම්ස් බොන්ඩ්’ චිත්රපට නිෂ්පාදකවරු අලුත් තරුවක් සොයමින් සිටින බව වාර්තා වෙයි. මිට දින කිහිපයකට පෙර මේ සඳහා හියු ජැක්මන්ගේ නමද යෝජනා වී තිබුණ අතර, ඔහුද එය ප්රතික්ෂේප කර ඇති බවට මේ වනවිට තොරතුරු ලැබේ.