හොඳම නළුවා සම්මානය දෙදෙනෙකුට හිමිවෙයි
වසර කිහිපයකට පසුව ඉන්දීය ජාතික සම්මාන උළලේදී හොඳම නළුවාට හිමි සම්මානය දෙදෙනෙකු අතරේ බෙදියනු දක්නට ලැබුණි. ඒ අනුව මෙවර සම්මාන උළලේදී හොඳම නළුවා ලෙස ‘තනහජි’ චිත්රපටයේ රඟපෑ අජේ දේව්ගන් මෙන්ම ‘සෝරාරු පොට්රූ’ චිත්රපටයේ රඟපෑ සූර්යාද සම්මානයට පාත්ර විය.
මොවුන් දෙදෙනා විසින්ම මෙම චිත්රපට නිෂ්පාදනය කර තිබීම විශේෂත්වයකි. අජේට හා සූර්යාට සිය සම්මාන සමගින් ඉන්දීය රුපියල් එක්ලක්ෂ පනස්දහසක මුදලක්ද හිමිවිය. එමෙන්ම මොවුන් දෙදෙනාම පළමු වතවට ඉන්දීය ජාතික සම්මාන උළලේකදී හොඳම නළුවා බවට පත්වීම කැපි පෙනෙන්නකි.