හොඳම නළුවා සම්මානයට සූර්යා දෙවරක් නිර්දේශ වෙයි
මෙවර දකුණු ඉන්දීය ෆිල්ම් ෆෙයාර් සම්මාන උළලේදී හොඳම දමිල නළුවාට හිමි සම්මානය දිනාගනු ලැබුවේ සූර්යාය. ඒ සොරූරායි පොට්ටු චිත්රපටයේ නේදූමාරන්ගේ චරිතය හරහාය. එමෙන්ම සූර්යා ජායිබිම් චිත්රපටයේ නීතීඥ චන්ද්රරු චරිතය හරහාද හොඳම නළුවාට නිර්දේශ වී තිබිම කැපි පෙනුණි.
ආර්යා, අශෝක් සෙල්වම්, ධනුෂ්, දුල්කිර් සල්මාන්, කේ. මාධන් යන නළුවන්ද මෙවර හොඳම නළුවා සඳහා සූර්යා සමගින් නිර්දේශ වි තිබුණි. ඔහු දකුණු ඉන්දීය ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙලක හොඳම නළුවා ලෙස සම්මාන දිනාගත් හයවැනි අවස්ථාව ලෙස මෙය ඉතිහාස ගත වෙයි.