හින්දි සිනමාවේ අහිසංකාවියට දැන් අවුරුදු 74ක්
80 දශකයේ හින්දි සිනමාවේ අතිශය ජනප්‍රිය සිනමා නිළිය බවට පත්ව සිටි හේමා මාලිනිට මීට දින කිහිපයකට පෙර සිය 74 වැනි වියට පා තබන්නට හැකි විය. දැනට ඉන්දීය දේශපාලනයට සම්බන්ධ වී සිටින හේමා මාලිනි, ජනප්‍රිය සිනමා නළුවෙකු මෙන්ම චිත්‍රපට නිෂ්පාදකවරයෙක්ද වන ධර්මේන්ද්‍රගේ දෙවැනි බිරිඳ වෙයි.
හේමා මාලිනිගේ 74 විය මෙවර සමරනු ලැබුවේ කලක් බොලිවුඩයේ ජනප්‍රියව සිටි සිනමා නිළියක් වූ ඊශා ඩියොල්ගේ මැදිහත් විමෙන් බව සඳහන් වෙයි. එමෙන්ම ඇය සිය මව සමගින් පෙනි සිටින ඡායාරූප කිහිපයක්ම තම සමාජ පිටු අතරේ පළ කර තිබෙනුද දක්නට ලැබේ.