හදිසියේම ප්‍රදර්ශනය අවලංගු කළ ධනුෂ්ගේ අලුත්ම චිත්‍රපටය



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මේ වසරේ චිත්‍රපට කිහිපයකින්ම දුටු දකුණු ඉන්දීය සිහින කුමරා ධනුෂ්ගේ අලුත්ම චිත්‍රපටය හදිසියේම අවලංගු කළ පුවතක් වාර්තා වෙයි. ඒ වෙන්කි ඇට්ලූරි විසින් අධ්‍යක්ෂණය කරන ලද ‘වාති’ චිත්‍රපටයයි. මෙය දෙසැම්බර් 02 වැනිදා නිකුත් කරන බවට ප්‍රචාරය වුවද මේ වනවිට එය ලබන වසරේ පෙබරවාරි මාසයේදී ප්‍රදර්ශනය කරන්නට සූදානම් කර තිබේ.

පසුගිය සඳුදා දිනයේදී ‘වාති’ චිත්‍රපටයේ ප්‍රචාරක දැන්වීමක් නිකුත් කර තිබුණ අතර, එහි සඳහන්ව තිබුණේ එළැඹෙන 2023 වසරේ පෙබරවාරි 17 වැනිදා මෙම චිත්‍රපටය සිනමා ශාලා තුළ නරඹන්නට හැකි බවය. කෙසේ වෙතත්, චිත්‍රපටයේ දිනය වෙනස්වීමට හේතුවක් වාර්තා නොවන අතර, ධනුෂ්ගේ ටිවිටර් පණිවිඩයකින් හැඟෙන පරිදි එය නිෂ්පාදකයින් අතරේ ගත් තිරණයක් බවය.