හදිසියේම කරන්ගේ උපන්දිනයට නිව්යෝර්ක් ඉඳලා ආපු ජෝඩුව



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

කරන් ජෝහර්ගේ 50 වැනි උපන්දින සාදයට එක්වීමට කත්‍රිනා කයිෆ් හා විකී කෞශාල් දෙදෙනා හදිසියේම නිව්යෝර්ක් නගරයේ සිට පැමිණ තිබුණ බව සඳහන් වෙයි. විවාහයෙන් පසුව මධුසමය ගත කිරීම සඳහා ඇමෙරිකාවට ගොස් සිටි මොවුන් දෙදෙනා මෙසේ කෙටි දිනකින් නැවතත් ඉන්දියාවට පැමිණ ඇත්තේ කරන්ගේ උපන්දින සාදය වෙනුවෙන් බව පවසයි.

චිත්‍රපට රූපගත කිරිම් කටයුතු නිසාවෙන් අධික ලෙස වෙහෙස පත්ව සිටි මොවුන් දෙදෙනා සති තුනක කාලයක් ඇමෙරිකවේ රැඳි සිටිමට සැළසුම් කර තිබුණ බව සඳහන් වෙයි. කෙසේ වෙතත්, කරන්ගේ උපන්දින සාදය යෙදි තිබිමත් සමග ඔවුන් දින නමයක් වැනි කෙටි කාලයකදී සිය මධුසමය අවසන් කළ බව දැන ගැනීමට ලැබේ.