සහය නිළිය සම්මානයටත් විශාල තරගයක්
ෆිල්ම් ෆෙයාර් සම්මාන උළලේදී හොඳම සහය නිළියට හිමි සම්මානය සඳහා ද ගර්ල් ඔන් ද ට්‍රේන් චිත්‍රපටයේ රඟපෑ කිර්ති කල්හාරි, රාම් පර්දේශ් කි තේර්වි චිත්‍රපටයේ රඟපෑ කොන් කොන් සෙන් ෂර්මා, සයිනා චිත්‍රපටයේ රඟපෑ මේගනා මලික්, සන්දිප් අවර් පින්ක් ෆෙරාරි චිත්‍රපටයේ රඟපෑ නෙනා ගුප්තා, මිමි චිත්‍රපටයේ සායි තම්හැන්කර් නිර්දේශ වී සිටියි.
සිනමා විචරකයින් පවසන්නේ මෙවර සම්මාන උළලේදී හොඳම සහය නිළියට හිමි සම්මානය කවුරුන් දිනා ගන්නේද යන්න අනාවැකි කිමට නොහැකි බවය. එතරම් තිරණාත්මක මොහොතක් මෙවර මතුව තිබෙන අතර, බොහෝ විට නෙයිනා ගුප්තා හෝ කොන් කොන් සෙන් ෂර්මා දෙදෙනාගෙන් කෙනෙකුට මෙවර සම්මානය හිමිවෙනු ලකුණු ඇති බව ඔවුන් කියයි.