සිවුවසරකට පසුව ඉන්දීය චිත්‍රපටයක දකින රවිනා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

90 දශකයේ හින්දි සිනමාවේ සිහින කුමරිය බවට පත්ව සිටි රවිනා තන්ඩන් පසුගිය දස වසර තුළදි චිත්‍රපට රංගනයට දායක වූයේ තරමක් අඩුවෙනි. මේ දිනවල ඇය රංගනයෙන් දායක වූ චිත්‍රපටයක ප්‍රචාරක පටයක් නිකුත් කර තිබෙන අතර, ඒ 2018 වසරේ තිරගත වූ KGF චිත්‍රපටයේ දෙවැනි නිර්මාණය තුළිනි.

මෙහි ඇය ඉන්දීය අගමැතිනිගේ චරිතය නිරූපණය කරන බව සඳහන් වෙයි. මෙම චිත්‍රපටයට පෙර ඇය අවසන් වරට ඉන්දීය චිත්‍රපටයක දකින්නට ලැබුණේ 2017 වසරේ තිරගත වූ ‘සහාබ්’ චිත්‍රපටය තුළිනි. KGF දෙවැන්න ඉන්දීය රුපියල් කෝටි 100ක් වැය කරමින් නිර්මාණය කළ චිත්‍රපටයක්ද වෙයි.