සල්මාන්, කත්රිනා සමග රුසියාවට යයි
‘ටයිගර්’ චිත්‍රපට මාලාවේ තුන්වැන්න සඳහා සුපිරි නළු සල්මාන් ඛාන් හා කත්රිනා කයිෆ් දෙදෙනා පසුගිය අගෝස්තු 18 වැනිදා රුසියාව බලා පිටත්ව ගොස් තිබෙන බව වාර්තා වෙයි. ඒ අනුව ඔවුන් දෙදෙනා දින 45ක කාලයක් රුසියාව, ඔස්ට්‍රියාව, තුර්කිය ඇතුළු විදෙස් රටවල් පහක රූපගත කිරිම් කටයුතු සඳහා එක්වීමට නියමිතව ඇත.
‘ටයිගර්’ අලුත්ම චිත්‍රපටයේ මුල් රූපගත කිරිම් මීට සති කිහිපයකට පෙර මුම්බායි නගරයේ ආරම්භ වූ අතර, රුසියාවේදී ආරම්භ වීමට ඇත්තේ එහි දෙවැනි අදියරයේ රූපගත කිරිම් බව සල්මාන් පවසා සිටියි. චිත්‍රපට නිෂ්පාදක ආදිත්‍ය චොප්රා මෙහි රූපගත කිරිම් ජව්ය බුබුලක් යටතේ සිදු කරන බවත් ඒ සඳහා චිත්‍රපට කණ්ඩායමට වෙන්වූ පෞද්ගලික ගුවන් යානායක් ලබාගෙන ඇති බවද දැන ගැනීමට ලැබේ.