සල්මාන්ගේ ‘ඩබාන්ග්’ ඉදිරියටත්
ඉහළ ආදායමක් උපයා ගැනීමට සමත් වූ සුපිරි නළු සල්මාන් ඛාන්ගේ ‘ඩබාන්ග්’ චිත්රපට මාලාවේ තවත් කොටස් තුනක් ඉදිරියට නිර්මාණය කරන්නට මේ වනවිට සූදානම් වෙන බව වාර්තා වෙයි. මේ වනවිට ‘ඩබාන්ග්’ චිත්රපට තුනක් ප්රදර්ශනය වී ඇති අතර, අවසන් චිත්රපටය 2019 වසරේදී ප්රදර්ශනය විය.
එය උපයාගත් මුදල ඉන්දිය රුපියල් කෝටි 419ක් වන අතර, ප්රදර්ශනය වූ ‘ඩබාන්ග්’ චිත්රපට තුනෙන් උපයාගත් මුදල ඉන්දීය රුපියල් කෝටි දහකට වඩා වැඩි බව වාර්තා වෙයි. සල්මාන් පවසන්නේ ‘ඩබාන්ග්’ සිවුවැන්න 2022 වසරේ අවසනයේ ප්රදර්ශනය කරන්නට සැළසුම් කරමින් සිටින බවය.