සල්මාන්ගේ චිත්රපටවල පමණක් පෙනි සිටින නළුවා
සල්මාන්ගේ නැඟෙණිය අර්පිතා ඛාන්ගේ සැමියා වන අයුෂ් ෂර්මා නැවත වරක් සල්මාන් ඛාන්ගේ චිත්රපටයක් හරහා සිනමා ප්රේක්ෂකයින්ට දැකබලා ගන්නට හැකිවේ. ඒ මේ වසරේ දෙසැම්බර් 22 වැනිදා ප්රදර්ශනය වීමට නියමිත ‘කබි ඊද් කබි දිවාලි’ චිත්රපටය තුළිනි.
සල්මාන්, පූජා හෙඩ්න්ග්, ශේහනස් ගිල් සමගින් අයුෂ්ද මෙහි රංගනයෙන් දායක වෙයි. අයුෂ් ෂර්මා මේ වනවිට චිත්රපට හතරක් සඳහා රංගනයෙන් දායක වී ඇති අතර, ඉන් එක් චිත්රපටයක් සල්මාන් ඛාන් නිෂ්පාදනය කොට තිබෙයි. ඉතිරි චිත්රපට ත්රිත්වයේම සල්මාන් සමගින් ඔහු රංගනයෙන් දායක වි ඇත.