සාරා කියූ බොරුවක් මාට්ටු?



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

පසු ගියදා කපිල් ශර්මා ෂෝ වැඩ සටහනට සාරා අලි ඛාන්, ආක්ෂේ කුමාර් සහ අධ්‍යක්ෂ ආනන්ද එල් රායි සහභාගි වූයේ ඔවුන්ගේ අලුත්ම චිත්‍රපටිය අත්රාංගි රේ හි ප්‍රචාරක කටයුතු වෙනුවෙනි. තමා වරක් සිය මව අම්රිතාට බොරුවක් කී බවත්, මාධ්‍යවේදියෙකු නිසා මවට ඇත්ත දැන ගන්නට ලැබුණු බවත් ඇය එහිදී හෙළිදරව් කළාය.

“ඇත්තටම ඒක කියන්න ඕන බොරුවක් නෙමෙයි.. ඒත් මම කිව්වා.. මම අම්මට කිව්වෙ යාළුවෙක් හම්බ වෙන්න ළඟපාත ගෙදරකට යනවා කියලා.. ඒත් මම කෝච්චියකින් එල්ෆින්ස්ටන් පාරට ගියෙ මගේ වෙන යාළුවෙක් හම්බ වෙන්න.. පහුවදා අම්මා මගෙන් ඇහුවා ඇත්තටම කොහෙද ගියෙ කියලා.. මම අර බොරුවම කිව්වා.. ඒත් ඒක අතේම පත්තු වුණා.. එක මාධ්‍යවේදියෙක් අපේ අම්මට කෝල් එකක් දීලා අම්මා කොයි තරම් හොඳට එයාගෙ දුව හදලා තියෙනව ද, කෝච්චියේ යන්න තරම් ඇය නිහතමානීයි කියලා අම්මට ප්‍රශංසා කරලා.. ඒ මදිවට මමත් දන්නෙ නැතුව මගේ පොටෝත් අරගෙන.. හොඳ වෙලාවට ඒවා මාධ්‍යවලින් ප්‍රසිද්ධියට පත් වුණේ නෑ..”
ඇය ඇසක් වසා සිනාසෙමින් කීවේ අම්මාටත් බොරු කියා හමු වෙන්නට ගියේ සුවිශේෂී කෙනෙක් බවට ඉඟියක් කරමිනි.