‘සුර්යවංශි’ තිරගත කළේ හොඳම කාලේදී
වසරක කාලයක් තිස්සේ තිරගත කරන්නට ප්රමාද කළ රෝහිත් ෂෙට්ටිගේ ‘සුර්යවංශි’ චිත්රපටය මේ වනවිට ඉන්දීය රුපියල් කෝටි 150ක ආදායමක් උපයා ගැනීමට සමත්ව තිබේ. මේ පිළිබඳව අදහස් දක්වමින් චිත්රපට අධ්යක්ෂවරයා පවසා ඇත්තේ ‘සුර්යවංශි’ චිත්රපටය තිරගත කළේ හොඳම කාලේදී බවය.
කෙසේ වෙතත්, විචාරකයින් පවසන්නේ ආක්ෂේ කලකට පසුව පොලිස් පරික්ෂවරයෙකු ලෙස මෙම චිත්රපටයේ පෙනි සිටින නිසාවෙන් ‘සුර්යවංශි’ අති සාර්ථක වූ බවය. එමෙන්ම ආක්ෂේට අමතරව රන්විර්, අජේ මෙන්ම කත්රිනා වැනි සුපිරි පන්තියේ වැජඹෙන තරු මෙම චිත්රපටයට එකතු වීම හරහා මෙම චිත්රපටය සාර්ථක වන්නට හේතුවක් වූ බවය.