සුරූපි නිළි හංසිකාගේ චිත්රපට හතක වැඩ ඉවරයි
2019 වසරේ අවසන් වරට සෑම් ඇන්ටනිගේ ‘100’ දමිල චිත්රපටයේ දුටු හංසිකා මෝටවානි පසුගිය දෙවසර තුළ දකුණු ඉන්දීය සිනමාව තුළ දකින්නට නොලැබුණ නිළියකි. කෙසේ වෙතත්, මේ වනවිට ඇයගේ අලුත්ම චිත්රපටය නිකුත් විමට නියමිතව ඇති අතර, ඒ ‘මහා’ චිත්රපටයයි.
එළැඹෙන ජූනි 10 වැනිද දකුණු ඉන්දීය සිනමා ශාලාවල එය ප්රදර්ශනය කිරිමට නියමිතව ඇත. එමෙන්ම හංසිකා රංගනයෙන් දායක වූ ‘මහා’ චිත්රපටයට අමතරව තවත් චිත්රපට හයක වැඩ කටයුතු මේ වනවිට නිම කර තිබෙන බවද වර්තා වෙයි.