සුරූපි ඉන්දීය නිළි සමන්තා සහ සැමියා අතර විරසකයක් - දික්කසාදය ගැන කියන්න උසාවියට



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

සමන්තා කියලා කියන්නේ දමිළ සහ තෙළිගු සිනමාවේ ජනප්‍රිය මෙන්ම සුරූපි නිළියක විදිහට හඳුන්වලා දෙන්න පුළුවන්. විවාහයෙන් පසුව බොහෝ නිළියන් රංගන දිවියට සමු දුන්න ද සමන්තා විවාහයෙන් අනතුරුව වුණත් බොහෝ චිත්‍රපටි ප්‍රමාණයකට දායකත්ව ලබා දුන්නා.

තෙලිගු නළුවෙක් වන නාගචේතන්යා සමග ඇය විවාහ වී මේ වනවිට වසර 4 ක් ගතව තිබෙනවා. කෙසේ වෙතත්, මේ වනවිට ඔවුන් දෙපළ අතර යම් මතභේදයක් ඇතිව තිබෙන බවත්, දෙදෙනා වෙන්ව ජීවත් වන බවත් මාධ්‍ය වාර්තා පළ වුණා.

ඒ වගේම දික්කසාද වීමට තීරණය කර ඇති බව ද එම මාධ්‍ය වාර්තා වැඩිදුරටත් පැවසුවා.

කෙසේ වෙතත් සමන්තා - නාගචේතන්යා යුවල අදාළ පුවත් අසත්‍ය බව නම් කිව්වේ නැහැ. තම සැමියාගේ උපන්දින සාදයට පවා සමන්තා එක්ව නොසිටි බවයි මාධ්‍ය වාර්තා පළ වුණේ.

 
අමීර් ඛාන් හට නාගර්ජුන්ගේ නිවසෙහි ලබා දුන් භෝජන සංග්‍රහයට ද සමන්තා එක්ව නොසිටි බව ද සඳහන්.
 
මේ අතර තම විවාහ ජීවිතය සම්බන්ධයෙන් පුවත් පළ කිරීම වාරණය කරන ලෙස උසාවියේ නඩුවක් ද ගොනු කිරීමට කටයුතු කරමින් සිටින බව ද ඉන්දිය මාධ්‍ය වාර්තා කරනවා.