සැරෙන් සැරේ වෙනස්වන ෂාරුක් ඛාන්ගේ දුෂ්ඨයෝ ටික මෙන්න



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

දකුණු ඉන්දීය ජනප්‍රිය සිනමා අධ්‍යක්ෂවරයෙකු වු ඇට්ලේ කුමාර් අධ්‍යක්ෂණය කරන ‘ජවාන්’ චිත්‍රපටයේ දුෂ්ඨ චරිතයට මේ වනවිට අලුත් නළුවෙකු එකතු වී ඇති බව සඳහන් වෙයි. මීට පෙර මෙම චිත්‍රපටයේ දුෂ්ඨ චරිතය සඳහා තෝරා ගෙන තිබුණේ සිනමා නළු රාණා රඟුබතිය.

එහෙත්, මේ වනවිට ඔහු ඉන් ඉවත්ව තිබෙන අතර, ඇට්ලේ කුමාර් විසින් හිස්වූ චරිතය සඳහා තවත් දකුණු ඉන්දීය සිනමා නළුවෙකු වු විජේ සේතුපති එකතු කරගෙන තිබෙන බව සඳහන් වෙයි. සේතුපති, අමිර් ඛාන් මෙන්ම කත්‍රිනා කයිෆ් සමගින් රංගනයෙන් දායක වූ බොලිවුඩ් චිත්‍රපට කිහිපයකින්ද ඉදිරියේදී ප්‍රේක්ෂක බට දකින්නට හැකිය.