සායිෆ් අලී ඛාන් සිය පවුල සමග ලන්ඩන් ගිහින්

  • 07-07-2023
  • Views 107

පතන් චිත්‍රපටයට පසුව මේ වසරේ වැඩිම ආදායමක් උපයාගත් අධිපුරුෂ් චිත්‍රපටයේ දුෂ්ට චරිතයට පණ පොවන  සායිෆ් අලී ඛාන් කෙටි නිවාඩුවක් ගත කරන්නට සිය පවුලේ සාමාජිකයින් සමග එංගලන්තයේ ලන්ඩන් නගරයට ගිය පුවතක් වාර්තා වෙයි.

අධිපුරුෂ් අති සාර්ථක වීම හේතුවෙන් එහ සැමරීම සඳහා සිය පවුලේ සාමාජිකයින් සමග ලන්ඩනයට පැමිණි බව ඛාන් පවුලේ සාමාජිකයෙකු පවසා ඇත. කෙසේ වෙතත්, මේ ගමනට සායිෆ් සමගින් සිය බිරිඳ කරිනා කපූර් දරුවන් වූ තායිමුර් හා ජෙහන්ගිර් දෙදෙනා පමණක් එකතු වූ බව සඳහන් වෙයි.