සයිෆ්ගේ පුතු රංගනයට?



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

සයිෆ් අලි ඛාන් ගේ ප්‍රථම විවාහයේ දරුවන් දෙදෙනාම දැන් තරුණ වියට පත් වී සිටිති. සාරා අලි ඛාන් මේ වන විටත් රංගන දිවියට අවතීර්ණ වී හමාරය. පියා මෙන්ම කඩවසම් ඉබ්‍රාහිම් මේ වන විට රොකී ඕර් රානි කී ප්‍රේම් කහානි චිත්‍රපටියේ කරන් ජෝහාර් ගේ සහාය අධ්‍යක්ෂවරයා ලෙස වැඩ කරන්නේය. ඔහු රංගන ශිල්පියෙකු ලෙස දොරට වඩම්මන්නට කරන් ජෝහාර් මඟ බලමින් සිටින බැව්  ආරංචි මාර්ගවලින් අනාවරණය වෙයි. මේ සඳහා සාර්ථක මලයාලම් රොමෑන්ටික් චිත්‍රපටියක් වන හ්රිදයාම් හි හින්දි නිෂ්පාදනය යොදා ගැනීමට ඔහු බලාපොරොත්තු වන බව ද කියැවෙයි. 


මේ වන විටත් ඔහුට විශාල රසික ආකර්ෂණයක් පවතී. මේ මෑතකදී පැවති කරන් ජෝහාර් ගේ 50 වැනි උපන් දින සාදයට ද ඔහු සිය සොයුරිය සමඟ සහභාගි වූයේය.