සමන්තා, සල්මාන්ගේ චිත්‍රපටයකින් බොලිවුඩ් සිනමාවට එයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

බොනි කපූර් විසින් නිෂ්පාදනය කරන ‘නෝ එන්ට්‍රි මේන් එන්ට්‍රි’ චිත්‍රපටයේ වැඩ කටයුතු මේ වසරේ දෙසැම්බර් මාසයේදී ආරම්භ කිරිමට නියමිත බව සඳහන් වෙයි. සුපුරුදු පරිදි සල්මාන් ඛාන්, අනිල් කපූර් හා ෆර්ඩින් ඛාන් මෙහි ප්‍රධාන නළුවන් ලෙස රංගනයෙන් දායක වෙයි.

චිත්‍රපටය සඳහා කාන්තා ප්‍රධාන චරිත 10ක් ඇතුළත්ව තිබෙන අතර, ඉන් එක් චරිතයක් තවමත් බොලිවුඩ් සිනමා වරම් දිනා නැති සමන්තා රිතු ප්‍රභාස්ටද ලැබි තිබෙන බව සඳහන් වෙයි. ඒ අතර දමිල සිනමාවේ අතිශය ජනප්‍රිය වූ තමන්නා, රශ්මිකා, පූජා හේඩ්ජ්ද සෙසු ප්‍රධාන නිළි චරිත අතර සිටින බව දැන ගැනීමට ලැබේ.