සමන්තා රිතු සමාජ මාධ්‍යයෙන් ඉවත් වෙලාද



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ක්‍රමයෙන් තම ජනප්‍රිත්වය ඉහළ දමා ගනිමින් බොහෝ දෙනෙකුගේ කතාබහට ලක්ව සිටින දකුණු ඉන්දීය සිනමා නිළි සමන්තා රිතු පසුගිය සති කිහිපයේදී සිය සමාජ පිටු නිරන්තරයෙන්ම යාවත්කාලීන කරමින් සිටියහ. එහෙත්, ජුලී 28 වැනිදා දිනයෙන් පසුව ඇයගේ සමාජ පිටු කිසිවත් අලුත් නොවුණ  අතර, ජුලි 28 වැනිදා ඇය විසින් යාවත්කාලීන කළ ඡායාරූප කිහිපයක් පමණක් ඉතිරි වි තිබේ.

ජුලී 28 වැනිදාට පෙර ඇය සෑම දිනකම පාහේ සිය රසික පිරිස් වෙත ඡායාරූප, කෙටි සටහන් වැනිදා පැය කිහිපයකට වරක් යාවත්කාලීන වී තිබුණි. බෙහෝ දෙනෙකුට ප්‍රශ්නයක් වී ඇත්තේ සමන්තාගේ සමාජ පිටුවලට සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇත්දැයි යන්නය. එමෙන්ම මේ සම්බන්ධව සමන්තාද මේ වනවිට කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැති වීම හරහා ඇයට ආදරය කරන රසික පිරිස්හට ප්‍රශ්නාර්ථයක් මතුව ඇත.